IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මීගහකිවුල බීරගහඅරාව රක්ෂිතයේ ගින්නක්

(නිශාන්ත කුමාර)


මීගහකිවුල බීරගහඅරාව රක්ෂිතයට අද (06) දහවල් කිසියම් පිරිසක් ගිනි තබා  ඇතයි පොලිසිය  පවසයි.


වන සතුන් දඩයමේ ගිය පිරිසක් විසින් අද (06) උදෑසන මෙම ගින්න තබන්නට ඇති බවත් උදෑසන 11.00 පමණ වන විටත් ගින්න පැතිර යමින් තිබූ බවත් රක්ෂීතය පාමුල ගම්වාසීහු පවසති.


මෙහි ජල රක්ෂිත කීපයක්ම පිහිටා ඇති අතර කහට , නෙල්ලි,  ඇඹුල් පේර ආදී ස්වාභාවික ගහ කොළ රැසක් වැවී ඇති බවත් ප්‍රදේශවාසීහු පවසති.


රක්ෂීතය තුල ඌරන්, මුවන් , ගෝනුන් , හාවුන් ආදී වන සතුන් බහුලව වෙසෙන අතර පහල ගම්මානවල දඩයක්කරුවෝ රක්ෂිතයේ පහල කොටසට ගිනි තබා ඉහළ ප්‍රදේශයේ රැක සිට ගින්නට බියේ පලා යන වන සතුන් පහසුවෙන් දඩයම් කිරීමට පුරුදුව සිටින බවත් මෙම ගම්මු වැඩිදුරටත් පවසති.


රක්ෂීතයට ළගා වීමට ඇති අපහසු තාවත් වියලි ගිය මානා වගාවත් හේතුවෙන් ගින්න සීඝ්‍රයෙන් පැතිර යන බවද ජනතාව පවසති.



අදහස් (0)

මීගහකිවුල බීරගහඅරාව රක්ෂිතයේ ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 387 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site