IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අත් බෝම්බයක් පිපිරී පුද්ගලයෙක්ට තුවාල

 

 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 

වාද්දුව- මොල්ලිගොඩ මහා විහාර පාරේ ව්‍යාපාරික නිවසක මුළුතැන්ගෙය වහළයේ උලු කැට ඉවත් කරමින් අලුත්වැඩියා කටයුත්තක නිරතව සිටි පුද්ගලයකු ජීව අත්බෝම්බයක් පිපිරීයාමෙන් බරපතල තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කළ බව වාද්දුව පොලිසිය කියයි.


අනතුරින් තුවාල ලබා ඇත්තේ පොගොද්දරමුල්ල පදිංචි 40 හැවිරිදි  පුද්ගලයෙකි.


අදාළ පුද්ගලයා වහළයට නැග උලු එකින් එක ලබා දීමේදී ඉටි බෑගයක බහා ප්ලාස්ටික් කෝප්පයක දමා තිබූ ජීව අත් බෝම්බ දැක එය අතට ගෙන එහි පින් එක ගැළවීමට උත්සාහ කිරීමේදී අත් බෝම්බය පිපිරී ඇති බව සිදු කළ පොලිස් පරීක්ෂණ වලදී  හෙළි වී ඇත.


තුවාල ලද පුද්ගලයාගේ ඇඟිලි තුනක් වෙන්ව ඇතැයි පොලිසිය කියයි. ඔහුව ශල්‍ය කර්මයකට ලක් කිරීමට නියමිතය.

 

 



අදහස් (0)

අත් බෝම්බයක් පිපිරී පුද්ගලයෙක්ට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 387 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site