(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වාද්දුව- මොල්ලිගොඩ මහා විහාර පාරේ ව්‍යාපාරික නිවසක මුළුතැන්ගෙය වහළයේ උලු කැට ඉවත් කරමින් අලුත්වැඩියා කටයුත්තක නිරතව සිටි පුද්ගලයකු ජීව අත්බෝම්බයක් පිපිරීයාමෙන් බරපතල තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කළ බව වාද්දුව පොලිසිය කියයි.
අනතුරින් තුවාල ලබා ඇත්තේ පොගොද්දරමුල්ල පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.
අදාළ පුද්ගලයා වහළයට නැග උලු එකින් එක ලබා දීමේදී ඉටි බෑගයක බහා ප්ලාස්ටික් කෝප්පයක දමා තිබූ ජීව අත් බෝම්බ දැක එය අතට ගෙන එහි පින් එක ගැළවීමට උත්සාහ කිරීමේදී අත් බෝම්බය පිපිරී ඇති බව සිදු කළ පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී ඇත.
තුවාල ලද පුද්ගලයාගේ ඇඟිලි තුනක් වෙන්ව ඇතැයි පොලිසිය කියයි. ඔහුව ශල්‍ය කර්මයකට ලක් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd