බිඟුන් මේනක ගමගේ
නානුඔය පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් විවේකාගාර ගොඩනැගිල්ලක් නීතිවිරෝධී ලෙස පිටස්තර පුද්ගලයකුට බදු දී ඇතැයි දුම්රිය වෘත්තිය සමිති සන්ධානය දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට අද (10) පැමිණිලි කර ඇත.
අදාළ විවේකාගාරය මෙසේ දී ඇත්තේ දුම්රිය දෙපාර්තමේන්තුවට කළු ගල් සපයන කොන්ත්‍රාත්කරුවෙකුට යැයි ද මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට ගිය දුම්රිය නිලධාරින්ට ඔහුගේ සහචරයන් පිරිසක් විසින් තර්ජනය කරනු ලැබ ඇතැයි ද දුම්රිය වෘත්තිය සමිති සන්ධානය පවසයි.
කාමර 12 කින් යුත් මෙම ගොඩනැගිල්ල දෙපාර්තමේන්තුව මගින් කුලියට දෙන්නේ නම් මසකට රුපියල් ලක්ෂ 18 ක් හැකි නමුත් සෙසු ජාවාරම නිසා දෙපාර්තමේන්තුවට හිමි ආදායම් අහිමි වී ඇතැයි ද එම පැමිණිල්ලේ සඳහන් වේ.
ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති හා දුම්රිය ආරක්ෂක කාර්යභාර නිලධාරීන්ගේ දැනුම්වත්භාවයකින් තොරව කෙරෙන කුලී විවේකාගාරයේදී දුම්රිය නිලධාරින් පිරිසකට පසුගියදා සාදයක් පවත්වා ඇතැයි පවසන එම සංගමය ජාවාරම් කරුවන්ට මෙම ගොඩනැගිල්ල නීතිවිරෝධී ලෙස ලබාදී ඇති නිලධාරීන්ට එරෙහිව විනයානුකූල කරන මෙන් ඉල්ලා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd