IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දුම්රිය විවේකාගාර ජාවාරමක් ගැන පැමිණිල්ලක්


 
බිඟුන් මේනක ගමගේ 
 
 
 
නානුඔය පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් විවේකාගාර ගොඩනැගිල්ලක් නීතිවිරෝධී ලෙස  පිටස්තර පුද්ගලයකුට බදු දී ඇතැයි දුම්රිය වෘත්තිය සමිති සන්ධානය දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට අද (10) පැමිණිලි කර ඇත.
 
අදාළ විවේකාගාරය මෙසේ දී ඇත්තේ දුම්රිය දෙපාර්තමේන්තුවට කළු ගල් සපයන කොන්ත්‍රාත්කරුවෙකුට යැයි ද මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට ගිය දුම්රිය නිලධාරින්ට ඔහුගේ සහචරයන් පිරිසක් විසින් තර්ජනය කරනු ලැබ ඇතැයි ද දුම්රිය වෘත්තිය සමිති සන්ධානය පවසයි.
 
කාමර 12 කින් යුත් මෙම ගොඩනැගිල්ල දෙපාර්තමේන්තුව මගින් කුලියට දෙන්නේ නම් මසකට රුපියල් ලක්ෂ 18 ක් හැකි නමුත් සෙසු ජාවාරම නිසා දෙපාර්තමේන්තුවට හිමි ආදායම් අහිමි වී ඇතැයි ද එම පැමිණිල්ලේ සඳහන් වේ. 
 
ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති හා දුම්රිය ආරක්ෂක කාර්යභාර නිලධාරීන්ගේ දැනුම්වත්භාවයකින් තොරව කෙරෙන කුලී විවේකාගාරයේදී දුම්රිය නිලධාරින් පිරිසකට පසුගියදා සාදයක් පවත්වා ඇතැයි පවසන එම සංගමය ජාවාරම් කරුවන්ට මෙම ගොඩනැගිල්ල නීතිවිරෝධී ලෙස ලබාදී ඇති නිලධාරීන්ට එරෙහිව විනයානුකූල කරන මෙන් ඉල්ලා සිටී.



අදහස් (0)

දුම්රිය විවේකාගාර ජාවාරමක් ගැන පැමිණිල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site