IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ගලක් පෙරැළි හිස මත වැටීමෙන් කම්කරුවෙක් මරුට

(රංජිත් රාජපක්ෂ ) 

කඳුමුදුණේ ගොඩ ගසා තිබු විශාල ගලක් පහළට  පෙරැළිගෙන විත් වැඩ කරමින් සිටි වතු කම්කරුවෙකුගේ හිස මතට වැටිමෙන් එම කම්කරුවා එම ස්ථානයේදිම මිය ගොස් ඇති බව දිඹුල පොලිසිය පවසයි.

එසේ මිය ගොස් ඇත්තේ ගිනිගත්හේන ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි එ.සි වසන්ත කුමාර නැමැති තිදරු පියෙකි.
හැටන් කොමර්ෂල් ප්‍රදේශයේ පෞද්ගලික සමාගමක් විසින් ප්‍රතිසංස්කරණය කර අලෙවි කිරිම සදහා එම ඉඩම ප්‍රතිසංස්කරණය කරමින්  සිටි කම්කරුවෙකුගේ හිස මතට කදු මුදුණේ එකවරම ගලක් පෙරැලිගෙන විත් හිස මතට වැටි අද (12) මෙම අනතුර සිදු වි ඇත.

මිය ගිය අයගේ සිරුර කොටගල ප්‍රාදේශිය රෝහලේ ගැන්පත් කර ඇති අතර , මහෙස්ත්‍රාත් පරික්ෂණයෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නාවලිපිටිය මුලික රෝහල වෙත යොමු කරන බව දිඹුල පොලිසිය පැවසිය.

 



අදහස් (0)

ගලක් පෙරැළි හිස මත වැටීමෙන් කම්කරුවෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site