(ඩී.කේ.රත්න සහ නිශාන්ත කුමාර )
බණ්ඩාරවෙල මහ නගරසභාවේ නගරාධිපති නලින් ප‍්‍රියන්ත සූරියගේ මහතා අද (12) උදෑසන කොළඹ පෞද්ගලික රෝහලකදී හදිසියේ අභාවප‍්‍රාප්ත විය.
මියයන විට වයස අවුරුදු 61 ක වු ඒ මහතා රෝගාතුරවීමෙන් අනතුරුව කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසු මෙසේ හදිසියේ මියගොස් තිබේ.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී බණ්ඩාරවෙල මහ නගර සභාවට ස්වාධීන කණ්ඩාමක් යටතේ තරග කර බණ්ඩාරවෙල මහ නගර සභාවේ ඡන්ද කොට්ඨාස දහයම ජයග‍්‍රහණය කර මහ නගර සභාවේ නගරාධිපති ලෙස පත්විය.
නලීන් ප්‍රියන්ත මහතාගේ අවසන් කටයුතු සෙනසුරාදා (15) පස්වරු 2.00 බණ්ඩාරවෙල මහ නගර සභා ක‍්‍රීඩාංගණයේදී පැවත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd