IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


වවුනිකුලම් අභයභූමියේ වැලි කැණීම් කළ 6 දෙනකු අත්අඩංගුවට


 
සිතුම් චතුරංග
          
මුලතිව් - වවුනිකුලම් අභයභූමිය තුළ නීතිවිරෝධී අයුරින් වැලි කැණීම් සිදුකළ පුද්ගලයින් හයදෙනකු කිලිනොච්චිය දිසා දුෂණ මර්දන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
 
වවුනිකුලම් අභය භූමියේ පාලිආරු ඇළෙහි ට‍්‍රැක්ටර් රථ යොදාගනිමින් වැලි කැණීම් සිදුකරන පිරිසක් පිළිබඳ කිලිනොච්චිය දිසා දූෂණ මර්දන අංශය වෙත ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් හා වැලි ගොඩදැමීම සඳහා යොදාගත් උපකරණ සහිත ට‍්‍රැක්ටර් රථ තුනක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
          
ප‍්‍රදේශීය ලේකම් කාර්යාල ඔස්සේ ව්‍යාජ තොරතුරු ලබාදී ලබා ගන්නා දෛනික වැලි කැණීම් බලපත‍්‍ර මත මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති අතර ඇතැම් බලපත‍්‍ර අභය භූමියේ වැලි කැණීම් සිදුකිරීම සඳහා නම්කර තිබූ බවත් පවසයි.
          
වවුනිකුලම් අභය භූමියේ සිදුකළ වැලි ජාවාරම හේතුවෙන් සතුන්ට පානය කිරීම සඳහා ඇළ තුළ රැදී තිබූ විශාල ජල මුලාශ‍්‍ර සිඳී ගොස් ඇති අතර අසීමිත ලෙස වැලි කැණීම් සිදුකිරීම හේතුවෙන් අභය භූමියේ පරිසර පද්ධතියට දැඩි හානියක් සිදුව ඇති බවද පොලිසිය පවසයි.
 
සැකකරුවන් පිරිස විසින් ගොඩදමන වැලි යාපනය හා විවිධ ප‍්‍රදේශවලට ප‍්‍රවාහන කිරීම සඳහා හිමිකරුවන් නොමැති ඉඩම් තුළ ගබඩාකරන බවට තොරතුරු අනාවරණය වූ බව කීය.
 



අදහස් (0)

වවුනිකුලම් අභයභූමියේ වැලි කැණීම් කළ 6 දෙනකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31818 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14269 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11161 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 228 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1164 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 329 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site