රුහුණු ජාතික විද්‍යා පීඨයේ නිල නිවසක ගින්නක් අක්මීමන කුරුදුවත්ත රුහුණු ජාතික විද්‍යා පීඨයේ දෙමහල් නිල නිවාසයක අද (17) හදිසි ගිනි ගැනීමක් ඇති වූ බව අක්මීමන පොලිසිය පවසයි. 17 September 2018
සපත්තු අස්සේ අත්බෝම්බ සඟවාගෙන සිටි සෙබළාගේ වැඩ තහනම් සිය බුට් සපත්තු කුට්ටමේ අත්බෝම්බ දෙකක් සඟවාගෙන සිටියදී පිටකොටුව බැස්ටියන් මාවත බස් නැවතුමේ දී අත්අඩංගුවට ගත් හමුදා සෙබළා සම්බන්ධයෙන් යුද හමුදා පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවසීය. 17 September 2018
ජිප් රථයක ගැටී 13 හැවිරිදි දැරියක් මියයයි පුත්තලම - කුරුණෑගල මාර්ගයේ 8 කණුව ප්‍රදේශයේ ජිප් රථයක ගැටී තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කළ 13 හැවිරිදි පාසැල් දැරියක් මිය ගොස් ඇති බව පුත්තලම පොලීසිය කියයි. 17 September 2018
වන අලි එළවන්න ගිය ග්රාමාරක්ෂකයා අලි ප්‍රහාරයෙන් මරුට වන අලින් එළවමින් සිටි ග්රාමාරක්ෂකයෙකු වන අලි ප්‍රහාරයකින් මිය ගොස් ඇති බව පුත්තලම පොලීසිය කියයි. 17 September 2018
හලාවත් නෂ්රියා විද්‍යාලයේ විද්‍යාගාරය විවෘත කෙරේ හලාවත නෂ්රියා මුස්ලිම් මහා විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද විද්‍යාගාරය විවෘත කිරීම වයඹ ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය අද සිදු විය. 17 September 2018
ගිං ගඟේ වැලි ජාවාරම ගැන ජවිපෙ මන්ත්‍රී ප්‍රශ්න කරයි වානිජ කටයුතු සඳහා ගිං ගඟේ වැලිගොඩ දැමීමට බලපත්‍ර ලබා දී නොතිබුණද නෙළුව, හිනිදුම හා ලංකාගම ප්‍රදේශ වල දිවා රාත්‍රී මහා පරිමාණයෙන් වැලි ගොඩ දමන බවත් මේ හේතුවෙන් ගඟ විනාශ වී ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ දකුණු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ මහතා පැවසීය. 17 September 2018
මහවැලි ක්‍රීඩා උළෙල සමාප්තියේ පැරිෂූට් සෙබළියකට තුවාල ඇඹිලිපිටියේ පැවති තිස්වැනි මහවැලි ක්‍රීඩා උත්සවය සමාප්තිය සටහන් කරන මොහොතේ පැරිෂුට් සංදර්ශනකට එක්වී බරපතල තුවාල ලැබූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පැරිෂුට් සෙබළියක සහ සාමාන්‍ය තුවාල ලද පැරිෂුට් සෙබළු තිදෙනෙකු ඇඹිලිපිටිය දිසා මහ රෝහලට ඇතුළත් කර ඇත. 17 September 2018
විහාරාධිපති හිමිගේ අපේක්ෂිත ඇප අයදුම ඉවතට 11 හැවිරිදි බාල වයස්කාර සාමනේර හිමිකමක අපයෝජනය කළැයි කියමින් තමා අත් අඩංගුවට ගැනීමෙන් වළකින්නැයි අනුරාධපුර මූලස්ථාන පොලිසියට නියෝගයක් කරන්නැයි අනුරාධපුර 17 September 2018
ගව රංචුව බේරන්න ගිහින් පස් දෙනකුට තුවාල මුලතිව් - පරන්තන් මාර්ගයේ කරඩිප්පු ප්‍රදේශයේදී සුඛෝපභෝගී බස්රථයක්, ලොරි රථයක් හා යතුරු පැදියක් එකිනෙක ගැටී පුද්ගලයින් පස්දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව කිලිනොච්චිය පොලිසිය කියයි. 17 September 2018
පොලිසියට බයේ දිව යද්දී ළිඳට වැටී මරුට හිගුරක්ගොඩ රජඇළ ප්‍රදේශයේ නීතිවිරෝධි මත්පැන් පෙරන ස්ථානයක් වැටලීමේදී එහි සිටි දෙදෙනෙකුගෙන් එක් අයකු පැන දිවීමේදී ළිඳකට වැටී මිය ගිය බව මින්නේරිය පොලිසිය කියයි. 17 September 2018
ත්‍රිරෝද රියදුරාගේ බෝතල පහරින් පාසල් සිසුවකුට ශල්‍යකර්මයක් මීගමුව අක්කර පනහ මාර්ගයේ පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයකට ත්‍රී රෝද රථ රියදුරෙකු විසින් වීදුරු බෝතලයකින් පහරදීමෙන් එහි සිටි පාසල් සිසුවකුගේ දකුණු අතෙහි 17 September 2018
පට්ටිවෙල කුඹුරු අක්කර 32 ක් ජලය නොමැතිව විනාශ වෙලා ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පට්ටිවෙල ගම්මානයේ කුඹුරු අක්කර 32 ක් ජලය නොමැතිව විනාශ වී ගොස් ඇතැයි ගොවීහු පවසති. 17 September 2018
හෙරොයින් සමඟ ගුවන් තොටෙන් අයෙක් අත්අඩංගුවට රුපියල් එක් කෝටි හැට ලක්ෂ හැට දහසක් වටිනා හෙරොයින් තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ පාකිස්තාන ජාතිකයකු අද (17) කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 17 September 2018
හොරෙන් ගවමස් ප්‍රවාහනය කළ අයෙක් තංගල්ලෙන් අල්ලයි බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් ගව මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු අද (17) දහවල් තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 17 September 2018
දේශපාලන සිරකරුවෙක් වැලිකඩ බන්ධනාගාර රෝහලට අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින අතරතුර අද (17) සිව්වැනි දිනටත් ආහාර වර්ජනයක නිරතව සිටින එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් අට දෙනකුගෙන් එක් අයකු ඊයේ (16) සවස වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත මාරුකර යැවීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු යොදා තිබේ. 17 September 2018
කූට ලේඛන හැදුවාට කරුණු විමසයි උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ පරිපාලන නිලධාරිවරයා විසින් කුට ලේඛනයක් ප්‍රධාන ලේකම්වරයාට ඉදිරිපත් කර රුපියල් 36 ලක්ෂයක තිරුබදු වාසියක් ඇති වාහන බලපත්‍රයක් පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ගණකාධිකාරිවරයට ලබාදිම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන ලෙස රජයේ සහකාර විගණකාධිපතිවරයා විසින් පළාත් මාර්ග අධිකාරියේ සභාපතිවරයාට ලිඛිතව දන්වා තිබේ. 17 September 2018
කිලිනොච්චියේ ඉපැරණි නටඹූන් ස්ථානයක් ඉවත් කරයි කිළිනොච්චිය සංස්කෘතික මධ්‍යස්ථානය අසල පිහිටි චන්ද්‍ර උද්‍යානයේ (මූන් පාර්ක්) තිබූ ඉපැරණි නටබුන් සහිත ස්ථානයක් කිළිනොච්චියේ කරච්චි ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් පිරිසක් විසින් ඩෝසර් කර ඉවත්කර තිබේ. 17 September 2018
මුව මස් සමඟ අයෙක් අත්අඩංගුවට බෑගයක් අතැතිව මහ මග ගමන් කරමින් සිටියදී ඉදිරියට හමු වූ පොලිස් නිල රථය දැක පලාගොස් නිවසකට ඇතුළු වූ බව කියන 67 හැවිරිදි පුද්ගලයකු මුව මස් කිලෝ 8ක් සමඟ අත්අඩංගුවට ගත් බව නවගත්තේගම පොලීසිය කියයි. 17 September 2018
කරුවලගස්වැව ජනතාවට බොන්න වතුර බිඳක් සල්ලිවලට ගන්න වෙලා දැඩි නියඟයෙන් කරුවලගස්වැව මූණමල්ගස්වැව ගමේ පවුල් දෙසීයක පමණ පිරිසක් උග්‍ර ජල අර්බුදයකට මුහුණ දී සිටිති. 17 September 2018
වවුනියාවේ ලංගම බස් ධාවනයෙන් ඉවත් වෙයි වව්නියාව නව බස් නැවතුම්පලේ දී පෞද්ගලික බස් රථ අයත් පිරිසක් විසින් යාපනයේ සිට පැමිණි ලංගම බස් රථයේ කොන්දොස්තරවරයාට පහරදීමක් හේතුවෙන් අද (17) උදෑසන සිට වව්නියාව ලංගම සියලුම බස් රථ ධාවනයෙන් ඉවත්ව සිටිති. 17 September 2018
කල්පිටියේ ධීවරයන්ට පහර දුන් 10 ක් අත්අඩංගුවට කල්පිටිය - කීරමුන්දල් දූපතේදී ධීවරයින් පිරිසකට පහර දුන් බව කියන නාවික හමුදාවේ අනු ඛණ්ඩ නිලධාරියකු ඇතුළු 10 දෙනකු කල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 17 September 2018
අලි පහරදීමකින් රුවන්ගම අයෙක් මරුට රුවන්ගම ප්‍රදේශයේ දී අද (17) උදෑසන ගෙවත්තේ රැදී සිටි වන අලියකුගේ ප්‍රහාරයෙන් 37 හැවිරිදි පුද්ගලයකු මිය ගිය බව තන්තිරිමලය පොලිසිය කියයි. 17 September 2018
ගිරාදුරුකෝට්ටේ පොලිස් නිලධරයන් පිරිසකට මැර ප්‍රහාරයක් ගිරාදුරුකෝට්ට තෙල්දෙනියාය ප්‍රදේශයේ කංසා වැටලීමට ගිය ගිරාදුරුකෝට්ට පොලිසියේ නිලධාරීන් පිරිසකට ඊයේ (16) රාත්‍රී මැර පිරිසක් පහර දීමෙන් පොලිස් නිලධාරීන් දෙදෙනකු තුවාල ලබා මහියංගණ රෝහලට ඇතුළත් කර තිබේ. 17 September 2018
දෙමළ දේශපාලන සිරකරුවන් තෙවැනි දිනටත් උපවාසයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක සිට බන්ධනාගාර ගතකර සිටින තමන්ට එරෙහි විමර්ශන කඩිනමින් අවසන් කිරීමට හෝ පුනරුත්තාපනය කර සමාජ ගතකරන 16 September 2018
ත්‍රි’මලේ මාලු ව්‍යාපාරිකයෝ ගෙවීම් පැහැර හරිති ත්‍රිකුණාමලය තොග මත්ස්‍ය වෙළඳපොළ සංකීර්ණයේ මාලු ලෑලි කුලී පදනම මත ලබා දීමෙන් 2018 අගෝස්තු 31 වැනි දා ලංකා ධීවර සංස්ථාවට අයවිය යුතු රුපියල් 4,136,075/-ක මුදලක් මාලු ව්‍යාපාරිකයෝ ගෙවීම් පැහැර හැර ඇති බව ධීවර සංස්ථා ගිණුම් වාර්තාවල සදහන් වේ. 16 September 2018
ත්‍රි‘ මලේ ජල කප්පාදුවට විරෝධය පා ගම්වැසියෝ පෝස්ටර් අලවති හදිසි නඩත්තු කටයුත්තක් සදහා ඉකුත් 07 හා 08 දා දිනවල ත්‍රිකුණාමලයේ ජලය කපා හරින බව නිවේදනය කර දින නවයක් යන තෙක් එම කටයුතු යථා තත්වයට පත්කිරිමට නොහැකි විමට 16 September 2018
උණුසුමට මුහුණදෙන්න පාසල් නිල ඇඳුම වෙනස් කරන්නයි වෛද්‍යවරු ඉල්ලති මේ දිනවල වයඹ, උතුරුමැද, උතුර ආදී පළාත්වලට බලපා ඇති උෂ්ණාධික දේශගුණික තත්වය මත පාසල් දරුවන්ගේ පාසල් නිල ඇදුම ප්‍රදේශයේ දේශගුණික තත්වයට සරිලන පරිදි වෙනස් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු විය යුතු බව ඇහැටුවැව ගල්ගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ආසිරි මුණසිංහ මහතා පවසයි. 16 September 2018
හොරොව්පොතාන වගා වන්දි වංචාව ගැන පරීක්ෂා කරන්න කමිටුවක් හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වගා හානි වන්දි ගෙවීමේදී මුදල් වංචාවක් සිදුව ඇති බවට ගොවි සංවිධාන වලින් ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් පරික්ෂා කිරිම සඳහා පරික්ෂණ මණ්ඩලයක් පත්කර ඇතැයි ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් අසංක සෝමවංශ මහතා අද (16) පැවසීය. 16 September 2018
හක්කපටස් කෑ තවත් අලියෙක් මරුට වැලිකන්ද කාලිංගවෙල ගම්මානය ආසන්නයේ පිහිටි සියඹලාගස්වැව තාවුල්ලේ වනඅලියකු හක්කපටස් ආහාරයට ගැනීමෙන් මිය ගොස් සිටියදී අද (16) සොයා ගත් බව පොලොන්නරුව වනජිවි කාර්යාලය කියයි. 16 September 2018
පරාක්‍රම සමුද්‍රයේ ධීවර තොටුපලේ තුවාල වු අලියෙක් පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ’’පුත්තලම් කැටේ’’ ධීවර තොටුපළට ආසන්නයේ මේදිනවල තුවාල වු වන අලියකු සැරිසරන බව එහි ධීවරයෝ කියති. 16 September 2018
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026