IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දේශපාලන සිරකරුවෙක් වැලිකඩ බන්ධනාගාර රෝහලට


 
 
රොමේෂ් මධුෂංඛ
 
අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින අතරතුර අද (17) සිව්වැනි දිනටත් ආහාර වර්ජනයක නිරතව සිටින එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් අට දෙනකුගෙන් එක් අයකු ඊයේ (16) සවස වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත මාරුකර යැවීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු යොදා තිබේ.


සිවසුබ්‍රමනියම් තිල්ලෙයිරාජා නැමති මෙම එල්.ටී.ටී.ඊ.සැකකරු දැනට අවුරුදු  අටක පමණ කාලයක් අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින අතර ඔහු දරුණු ලෙස දියවැඩියා රෝගයට ගොදුරු වී සිටින නිසා වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත මාරු කර යවා තිබේ.


මේ අතර අනුරාධපුර බන්ධනාගාරයේ දී ආහාර වර්ජනයක නිරතව සිටින  කොටි සාමාජිකයින් හමුවීමට දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් හා උතුරු පළාත් සභාවේ කේ .ශාන්තන් මන්ත්‍රීවරයා අනුරාධපුර බන්ධනාගාරය වෙත ගොස් තිබේ.


මෙහිදී සුමන්තිරන් මන්ත්‍රීවරයා පවසා ඇත්තේ රජයෙන් මේ පිරිස නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු පියවරෙන් පියවර සිදු කරමින් සිටින නිසා වසර ගණනාවක්ම ඉවසාගෙන සිටි අන්දමට තවත් සුළු කාලයක් ඉවසා සිටින ලෙසයි. නමුත් ආහාර වර්ජනය අත්හැරීමට ඔවුන් එකග වී නොමැත.


මේ පිළිබදව අනුරාධපුර බන්ධනාගාරයෙන් විමසූ විට එහි නිලධාරියකු කියා සිටියේ ජිනීවා නුවර මානව හිමිකම් මණ්ඩලයේ සැසිවාරය ආරම්භ කෙරෙන විටම අනුරාධපුර බන්ධනාගාරයේ සිටින මේ සිරකරුවන් පිරිස ආහාර වර්ජනයක නිරත වන බවටයි.



අදහස් (0)

දේශපාලන සිරකරුවෙක් වැලිකඩ බන්ධනාගාර රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site