අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර
ඇඹිලිපිටියේ පැවති තිස්වැනි මහවැලි ක‍්‍රීඩා උත්සවය සමාප්තිය සටහන් කරන මොහොතේ පැරිෂුට් සංදර්ශනකට එක්වී බරපතල තුවාල ලැබූ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ පැරිෂුට් සෙබළියක සහ සාමාන්‍ය තුවාල ලද පැරිෂුට් සෙබළු තිදෙනෙකු ඇඹිලිපිටිය දිසා මහ රෝහලට ඇතුළත් කර ඇත.
සෙබළු තිදෙනා බාහිර ප‍්‍රතිකාර ලැබ පිටව ගිය අතර ප‍්‍රතිකාර ලද සෙබළියව ගුවන් හමුදා වාහනයකින් අම්පාර මහ රෝහල වෙත ගෙන ගිය බව ඇඹිලිපිටිය රෝහල් ප‍්‍රකාශකයෙක් පැවසීය.
ජාතික මහවැලි ක‍්‍රීඩා තරග තිස්වැනි වරටත් පසුගිය 15 සහ 16 දෙදින තුළ ඇඹිලිපිටිය මහවැලි ක‍්‍රීඩාපිටියේ දී පැවැත්විණි. එහි සමාප්ති උත්සවය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.
අඩි 12000ක් ඉහළ සිට හෙලිකොප්ටරකින් මහවැලි ක‍්‍රීඩාංගණයට පැරෂුට් සෙබළුන් බැසීමේ අංගයක් ද එහි විය. ඒ අනුව පැරිෂුට් භටයින් 14 දෙනෙකු සහ පැරිෂුට් සෙබළියන් හය දෙනෙකු උත්සවය පැවති මහවැලි ක‍්‍රීඩාංගණයට හෙලිකොප්ටරයකින් බැස්සහ.
එහෙත් පැවති තද සුළඟ නිසා පැරිෂුට් භටයින් අටදෙනෙකු සහ එක් පැරිෂුට් සෙබළියකට ඉලක්කයට බැසීමට නොහැකි විය. තද සුළඟට හසු වූ පැරිෂුට් සෙබළු මොරකැටිය සහ කදුරුගස්ආර ප‍්‍රදේශයට ගසාගෙන ගියහ. එක් සෙබළෙක් ක‍්‍රීඩා උළෙල පැවති මහවැලි ක‍්‍රීඩාංගණය අසළ සියඹලා ගසක් මුදුනට පාත්විය. තවත් සෙබළෙකු අසළ වූ තේක්ක ගසක පැටලී බිමට ඇදවැටිණි.
නිරුපද්‍රිතව ඉලක්කයට ගොඩබට පැරිෂුට් සෙබළු හයක් සහ පැරිෂුට් සෙබළියන් පස්දෙනෙකු ප‍්‍රධාන පීඨිකාවේ සිටි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත ගොස් ගෞරවාචාර දැක්වූහ.
2025 දෙසැම්බර් මස 18
366
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1011
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහවැලි ක්‍රීඩා උළෙල සමාප්තියේ පැරිෂූට් සෙබළියකට තුවාල