අමදෝරු අමරජීව
ත්‍රිකුණාමලය තොග මත්ස්‍ය වෙළඳපොළ සංකීර්ණයේ මාලු ලෑලි කුලී පදනම මත ලබා දීමෙන් 2018 අගෝස්තු 31 වැනි දා ලංකා ධීවර සංස්ථාවට අයවිය යුතු රුපියල් 4,136,075/-ක මුදලක් මාලු ව්‍යාපාරිකයෝ ගෙවීම් පැහැර හැර ඇති බව ධීවර සංස්ථා ගිණුම් වාර්තාවල සදහන් වේ.
මාලු ව්‍යාපාරිකයන් ලංකා ධීවර සංස්ථාව හා බැදි ගිවිසුම් මගින් මාසික කුලී පදනම මත මාලු වෙළදාම් කිරිම සඳහා ලබාදුන් මාලු ලෑලි වලට මාසික කුලිය නිසි පරිදි ගෙවීම පැහැර හැරීම නිසා ධීවර සංස්ථාවට මෙම මුදල අහිමි වී ගොස් තිබේ.
මත්ස්‍ය වෙළඳ සංකීර්ණය තුළ මාලු ලෑලි 62ක් ඇති අතර ඉන් 54ක් කුලී පදනම මත වෙළදුන්ට ලබාදී ඇති අතර ඉන් ගෙවීම් පැහැර හැර ඇති වෙළදුන් ගණන 26 දෙනෙකි.
ඉන් වැඩිම මුදලක් ගෙවිමට ඇති ව්‍යාපාරිකයන් හයදෙනෙකු සම්බන්ධයෙන් නිතිමය පියවර ගැනිමට ධිවර සංස්ථාව කටයුතු කරමින් සිටින අතර එම හයදෙනා ගෙන් පමණක් සංස්ථාවට අයවිය යුතු මුදල රුපියල් 1,553,700/-කි.
2025 දෙසැම්බර් මස 18
366
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1011
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ත්‍රි’මලේ මාලු ව්‍යාපාරිකයෝ ගෙවීම් පැහැර හරිති