රොමේෂ් මධුෂංඛ
වව්නියාව නව බස් නැවතුම්පලේ දී පෞද්ගලික බස් රථ අයත් පිරිසක් විසින් යාපනයේ සිට පැමිණි ලංගම බස් රථයේ කොන්දොස්තරවරයාට පහරදීමක් හේතුවෙන් අද (17) උදෑසන සිට වව්නියාව ලංගම සියලුම බස් රථ ධාවනයෙන් ඉවත්ව සිටිති.
පහරදීමකට ලක් වූ ලංගම බස් රථයේ රියදුරු ඇතුළු මගීහු පවසා ඇත්තේ පෞද්ගලික බස් රථයේ සිටි පිරිසක් සහ තවත් වෑන් රථයකින් පැමිණි පුද්ගලකු විසින් කොන්දොස්තරවරයාට පහර දුන් බවත් මේ වන විට පහරකෑමට ලක් වූ කොන්දොස්තරවරයා වව්නියාව මහරෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
කෙසේ වෙතත් අදාළ පහරදීමෙන් පසුව වව්නියාව පොලීසිය විසින් පෞද්ගලික බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන පෞද්ගලික බස් රථය වව්නියාව පොලීසියට රැගෙන ගොස් ඇත.
කෙසේ වෙතත් මේ වන විට වව්නියාව දිස්ත්‍රීක්කයේ ධාවනය වන සියලුම ලංගම බස් රථ ධාවනයෙන් ඉවත්ව ඇති අතර ධාවනයෙන් ඉවත් වූ ලංගම බස් රථ සංගම් නියෝජිතයින් කියා සිටියේ පහර දීම සිදු කළ පිරිසෙන් මේ වන විට වව්නියාව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ පෞද්ගලික බස් රථයේ රියදුරු හා කොන්දොස්තරවරයා පමණක් හෙයින් එම ස්ථානයට වෑන් රථයෙන් පැමිණ පහරදීම සිදු කළ කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති බවයි.
අද (17) සවස වන විට අදාළ වෑන් රථයකින් පැමිණ පහරදීම සිදුකළ පුද්ගලයින් ද අත්අඩංගුවට නොගන්නේ නම තවත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට කටයුතු කරන බවටද වව්නියාව ලංගම බස් නියෝජිතයෝ වැඩි දුරටත් කියා සිටියහ.
2025 දෙසැම්බර් මස 18
366
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1011
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වවුනියාවේ ලංගම බස් ධාවනයෙන් ඉවත් වෙයි