සිතුම් චතුරංග
මුලතිව් - පරන්තන් මාර්ගයේ කරඩිප්පු ප‍්‍රදේශයේදී සුඛෝපභෝගී බස්රථයක්, ලොරි රථයක් හා යතුරු පැදියක් එකිනෙක ගැටී පුද්ගලයින් පස්දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව කිලිනොච්චිය පොලිසිය කියයි.
මුරුකණ්ඩි සිට පරන්තන් දක්වා ගමන්ගත් ලොරි රථයක් ගවයින් රංචුවක් මගහැරයාමට උත්සහ කිරීමේදී බස්රථයෙහි ගැටී මාර්ගයේ ගමන්ගත් යතුරු පැදියකද ගැටී ඇති බව පොලිසිය සඳහන් කරයි.
පොලිසිය පැවසුවේ අනතුරින් තුවාල ලැබූ යතුරු පැදිකරු බරපතල තුවාල ලබා ඇති අතර ලොරි රථයේ සිටි පුද්ගලයින් දෙදෙනකු හා බස්රථයේ ගමන්ගත් පුද්ගලයින් දෙදෙනකු ද තුවාල ලබා කිලිනොච්චිය රෝහල වෙත ඇතුලත් කොට ඇති බවයි.
අනතුරින් කිලිනොච්චි කරඩිප්පු ගොවිපලට අයත් ගවයින් දෙදෙනකුද ජීවිතක්ෂයට පත්ව සිටි බව පොලිසිය සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
366
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1011
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගව රංචුව බේරන්න ගිහින් පස් දෙනකුට තුවාල