(දයාරත්න ඇඹෝගම)
උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ පරිපාලන නිලධාරිවරයා විසින් කුට ලේඛනයක් ප්‍රධාන ලේකම්වරයාට ඉදිරිපත් කර රුපියල් 36 ලක්ෂයක තිරුබදු වාසියක් ඇති වාහන බලපත්‍රයක් පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ගණකාධිකාරිවරයට ලබාදිම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන ලෙස රජයේ සහකාර විගණකාධිපතිවරයා විසින් පළාත් මාර්ග අධිකාරියේ සභාපතිවරයාට ලිඛිතව දන්වා තිබේ.
පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ගණකාධිවරයා විසින් ප්‍රධාන ලේකම්වරයාට ඉදිරිපත් කර තිබුණ සහනදායි පදනම මත මෝටර් රථ බලපත්‍රයක් ලබාගැනීමේ අයදුම්පතට අදාළව ගණකාධිකාරිවරයා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට තහවුරැවක් ලබාදෙන ලෙස ප්‍රධාන ලේකම්වර විසින් අධිකාරියේ සමාන්‍යාධිකාරිවරයා වෙත දන්වා තිබුණි.
ඒ අනුව සමාන්‍යාධිකාරිවරයා විසින් ඉදිරිපත් කර තිබු ලිපියේ වු ගණකාධිකාරි ජී.එම්.පි.එන්.පි.ගුණරත්න මයා සම්බන්ධයෙන් මේවන විට සක්‍රීය විනය පරික්ෂණයක් නොපවතින බව කාරුණිකව දන්වමි යන වැකියේ සක්‍රීය යන වචනය අධිකාරියේ පරිපාලන නිලධාරිවරයා විසින් මකන දියර යොදා මකා දමා තිබුණ බවට විගණනයේදි අනාවරණය වි තිබිණි.
ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර මෙම සහනදායි මෝටර් බලපත්‍රය ලබාගත් ගණකාධිවරයා අනුරාධපුර,ඔයාමඩුව,පේමඩුව මාර්ගය ඉදිකිරිමේදී තත්ව පරික්ෂණ වාර්තාවක් නොමැතිව රුපියල් 88.046.637.12 ක මුදලක් කොන්ත්‍රාත්කරුවකුට නීතිවිරෝධිව ගෙවීම සම්බන්ධයෙන් 2015 වසරේදී සේවයෙන් පහ කළ අයෙකි.
එහෙත් ඔහු නැවත 2017 වසරේදී නීතිවිරෝධි ආකාරයට සේවයේ පිහිටුවා ඇති බවටත් විගණන නිලධාරින්ගේ චෝදනාවට ලක්ව සිටිති.
මිට අමතරව මෙම ගණකාධිකාරිවරයා ඇතාකඩ,ඇටඹගස්කට,තෝනිගල මාර්ගය පිළිසකර කිරිමේදී රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් සාවද්‍ය ලෙස කොන්ත්‍රාත්කරුවෙකුට ගෙවීම සම්බන්ධයෙන් ද චෝදනා ලබා සිටින අතර ඒ සම්බන්ධයෙන් ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරික්ෂණ කටයුතු සිදුකරන ලදී.
ඒ අනුව 2018 පෙබරවාරි 15 දිනැති අංක 01/2018 දරණ වෙළද හා ආයෝජන ප්‍රතිපත්ති චක්‍රලේඛයේ 2.5 ජේදයේ විධිවිධාන අනුකුලව මෙම ගණකාධිකාරිවරයාට සහනදායි පදනම මත මෝටර් රථ බලපත්‍රයක් නිකුත කළ නොහැකි බවද සහකාර විගණකාධිපතිවරයා විසින් පළාත් මාර්ග අධිකාරියේ සභාපතිවරයාට යැවු ලිපියේ සදහන් වේ.
2025 දෙසැම්බර් මස 18
366
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1011
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කූට ලේඛන හැදුවාට කරුණු විමසයි