ජුඩ් සමන්ත
කල්පිටිය - කීරමුන්දල් දූපතේදී ධීවරයින් පිරිසකට පහර දුන් බව කියන නාවික හමුදාවේ අනු ඛණ්ඩ නිලධාරියකු ඇතුළු 10 දෙනකු කල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය විජය නාවික හමුදා කඳවුරට අනියුක්තව සේවය කරමින් සිටි නිලධාරියකු සහ සෙබළුන් පිරිසකි.
පසුගිය 14 වැනි දා මෙම පහර දීම සිදුවී තිබේ. පහර කෑමට ලක්වූ බව කියන ධීවරයින් 5 දෙනෙකු කල්පිටිය දිසා රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබා ඇත. මේ සම්බන්ධයෙන් කල්පිටිය පොලීසියට ලද පැමිණිල්ලක් අනුව විමර්ශනයක් සිදුකර තිබේ.
පසුව සිද්ධියට සම්බන්ධ අනු ඛණ්ඩ නිලධාරියා සහ සෙබළුන් 9 දෙනා කල්පිටිය පොලීසියට කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් පසුව 16 වැනිදා සවස ඔවුන්ව අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගෙන ඇති අනු ඛණ්ඩ නිලධාරියා සහ සෙබළුන් 9 දෙනා පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd