IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කල්පිටියේ ධීවරයන්ට පහර දුන් 10 ක් අත්අඩංගුවට


 
 
ජුඩ් සමන්ත
 
කල්පිටිය - කීරමුන්දල් දූපතේදී ධීවරයින් පිරිසකට පහර දුන් බව කියන නාවික හමුදාවේ අනු ඛණ්ඩ නිලධාරි‍යකු ඇතුළු 10 දෙනකු කල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.


පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය විජය නාවික හමුදා කඳවුරට අනියුක්තව සේවය කරමින් සිටි නිලධාරියකු සහ සෙබළුන් පිරිසකි.


පසුගිය 14 වැනි දා මෙම පහර දීම සිදුවී තිබේ. පහර කෑමට ලක්වූ බව කියන ධීවරයින් 5 දෙනෙකු කල්පිටිය දිසා රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබා ඇත. මේ සම්බන්ධයෙන් කල්පිටිය පොලීසියට ලද පැමිණිල්ලක් අනුව විමර්ශනයක් සිදුකර තිබේ.


පසුව සිද්ධියට සම්බන්ධ අනු ඛණ්ඩ නිලධාරියා සහ සෙබළුන් 9 දෙනා කල්පිටිය පොලීසියට කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් පසුව 16 වැනිදා සවස ඔවුන්ව අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.


අත්අඩංගුවට ගෙන ඇති අනු ඛණ්ඩ නිලධාරියා සහ සෙබළුන් 9 දෙනා පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

කල්පිටියේ ධීවරයන්ට පහර දුන් 10 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site