අඹගමුව ප්‍රා. සබේ මන්ත්‍රීවරු 10 ක් සභාව වර්ජනය කරති මත් වතුර පානය කර සේවයේ නියුතුව සිටියේ යැයි කියන අඹගමුව ප්‍රාදේශීය සභා කාර්යාලයේ කළමණාකාර සහකාරවරයකුගේ ක්‍රියා කළාපය සම්බන්ධයෙන් සුදුසු විනය ක්‍රියාමාර්ග නොගැනීමට 20 September 2018
වාගොල්ලාකඩදී හොරෙන් වැලි ගොඩ දැමු 8 ක් අත්අඩංගුවට වාහල්කඩ සහ වාගොල්ලාකඩදි අනවසරයෙන් වැලි ගොඩ දමා වැලි ප්‍රවාහනය කරමින් තිබුණු ටිපර් රථ හතක්, බැකෝ යන්ත්‍රයක් සමඟ පුද්ගලයන් අට දෙනෙකු අද (20) සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි. 20 September 2018
ගිලා බැසීමට ලක්වු හැටන් -වටවල මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අරඹයි මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසු ගිය මාසයේ අඛණ්ඩව ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ ගිලා බැසිමට ලක් වි ඇති හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කුයිල්වත්ත ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ කොටස ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත. 20 September 2018
සැකකරුවකුට ගංජා දෙන්න ගිය පුද්ගලයාට අත්හිටුවු සිරදඬුවමක් ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් සිර මැදිරියේ සිටි රැඳවියෙකුට ගංජා අඩංගු දුම්කොළ පැකට් 3 ක් දීමට තැත් කර අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට දින 16ක් රිමාන්ඩ් බාරයේ පසු වූ විත්තිකරුවෙකුට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා මාස 3ක සිරදඬුවම් නියම කර එම සිරදඬුවම වසර 5 කට අත්හිටුවන ලෙසට අද (19) නියම කළේය. 19 September 2018
වතුකර ජනතාවගේ ජන ජීවිතය නංවන්න පනත් දෙකක් වතුකර ජනතාවගේ ජන ජීවිතය නංවාලීමට ඉවහල්වන විශේෂ පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවේදී අද (19) සංශෝධන සහිතව සම්මත විය. 19 September 2018
අනවසර කැණීම් සිදුකළ දෙදෙනෙක් අත්අඩංගුවට වීරකැටිය රළුව ප්‍රදේශයේ ඉඩමක අනවසරයෙන් කැණීම් කටයුතු සිදුකරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අද (19) තංගල්ල කොට්ඨාස පරිසර ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගනු ලැබීය. 19 September 2018
යාපනයේ අඹුසැමි යුවල 100ක් විවාහ කරයි මෙතෙක් විවාහ නොවී පවුල් කෑ අඹු සැමි යුවල 100ක් යානයේ දී විවාහ කර දීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට හැකිවූ බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි. 19 September 2018
විවාහක ඥාතියා 15 හැවිරිදි සිසුවිය මවක් කරයි උණ හා උදරයේ වේදනාවක් යැයි පවසමින් ප්‍රතිකාර ලබාගැනීම සදහා තම මව සමඟ බදුල්ල මහ රෝහලට පැමිණි 15 හැවිරිදි ශිෂ්‍යාවක් පරීක්ෂා කිරීමේදි ඇය ගැබිනියක් වී ඇති බව අනාවරණය විනැයි බදුල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි අකිල රත්නායක මහතා පැවසීය . 19 September 2018
චූදිත නිලධාරියා යළි සේවයේ පිහිටුවීම ගැන විගණන අධිකාරී සභාපතිට ලියයි උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම්වරයා විසින් පත් කළ ත්‍රිපුද්ගල කමිටු නිර්දේශයක් මත පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් දූෂණ චෝදනාවකට වැඩ තහනමට ලක් කරනු ලැබ සිටි උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරියෙකු යළි සේවයේ පිහිටුවීම නීතියට පටහැනි බව රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව කළ විගණන විමසුමකදී අනාවරණය වී ඇති බව අනුරාධපුර විගණන අධිකාරිවරයා විසින් උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකරියේ සභාපතිවරයාට දැනුම් දී තිබේ. 19 September 2018
බස්-යතුරු පැදි අනතුරින් සරසවි සිසුවෙක් මරුට කොස්ගම අවිස්සාවේල්ල මාර්ගයේ හතලිස් නව වැනි කිලෝ මීටර් කණුව අසළදී අද(19) පෞද්ගලික බස් රථයක් හා යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් විශ්වවිද්‍යාල සිසුවෙකු මියගොස් ඇතැයි කොස්ගම පොලිසිය පවසයි. 19 September 2018
තංගල්ල රෝහලේ ඇදන් රථගාල තුළ විනාශ වෙමින් යයි තංගල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන නේවාසික රෝගීන් සඳහා ඇති ඇදන් විශාල ප්‍රමාණයක් රෝහලේ රථගාලක් තුළ ගොඩගසා තැබීම නිසා විනාශ වෙමින් පවතින ආකාරය දක්නට ලැබේ. 19 September 2018
ඌව පළාත් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක් ඌව පළාතේ රැකියා විරහිත සෞන්දර්ය ඩිප්ලෝමාධරයෝ අද (19) ඌව පළාත් සභාව ඉදිරිපිට රැකියා ඉල්ලා උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරතව සිටිති. 19 September 2018
දියරයක් ඉසීමෙන් කුලියාපිටිය විදුහලක පාපන්දු ක්‍රීඩකයින් තිදෙනෙක් රෝහලේ අනුරාධපුර නගරසභා ක්‍රිඩාංගණයේ පැවැති වයස අවුරුදු 15 න් පහළ සමස්ථ ලංකා පා පන්දු තරගයේදී පිරිසක් විසින් ක්‍රිඩයන්ට දියරයක් ඉසිමෙන් රෝගාතුරවු ක්‍රිඩකයන් තිදෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කල බව අනුරාධපුර පොලිසිය කියයි. 19 September 2018
මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත් කළ අයෙක් වසර 10 කට පසු අත්අඩංගුවට මිටියාගොඩ ප්‍රදේශයේ පුද්ගලයකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් කිරිමට තැත්කොට වසර 10ක් තිස්සේ සැගවී සිටි අයෙකු කරාපිටිය ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත්බව ගාල්ල කොටුව නීතීය බල ගැන්විමේ ඒකකය පවසයි. 19 September 2018
‘ආදීවාසි අයිතිය සුරැකීමේ සංවිධානයක් පිහිටුවනවා’ තම වර්ග පරම්පරාවේ අයිතීන් දිනෙන් දින උල්ලංඝණය වන නිසා එම අයිතින් ලබා ගැනීම සහ ආරක්ෂා කරගැනීම සඳහා උද්ඝෝෂණය කර සටන් කිරිමට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක හයක වෙසෙන පවුල් ලක්ෂ පහකට අධික පිරිසක් ඒකරාශී කරමින් ආදීවාසීන්ගේ අයිතිය සුරැකීමේ සංවිධාන පිහිටුවන බව ආදීවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තෝ ප්‍රකාශ කළේය. 19 September 2018
ඒකාබද්ධ කාලසටහනක් ඉල්ලා උතුරේ පෞද්ගලික බස් වර්ජනයක් ලංගම බස් රථ ධාවනයේදී සිදු වන අසාධාරණකම් හේතුවෙන් ඒකාබද්ධ කාලසටහනක් වහාම ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා අද (19) උතුරු පලාතේ සියලුම පෞද්ගලික බස් රථ හිමියන් සිය ධාවන කටයුතු වලින් ඉවත්ව වැඩවර්ජනයක නිරත වූහ. 19 September 2018
දේපොළ කොල්ල කා දෙදරු මව සමූහ දුෂණය කළැයි වසර 34ක සිර දඬුවමක් අම්බලන්තොට මාමඩල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී අවි පෙන්වා බිය ගන්වා දේපළ කොල්ලකා දෙදරු මවක සමුහ දුෂණයට ලක් කළ දෙදෙනෙකුට වසර 17 බැගින් වසර 34ක සිර දඬුවමක් හා වින්දිත තැනැත්තියට රුපියල් ලක්ෂ තුනක වන්දි මුදලක්ද ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා නියෝග කළේය. 19 September 2018
බාලවයස්කාර දැරියට අතවර කළාට වසර 12 කින් පසු අත්අඩංගුවට බාලවයස්කාර දැරියක් දුෂණය කර වසර 12 ක් තිස්සේ සැඟවී සිටි එක්දරු පියෙකු හිනිදුම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත්බව ගාල්ල කොටුවේ පිහිටි නීතිය බලගැන්විමේ ඒකකය පවසයි. 19 September 2018
ගලේවෙල කොස්පොත කන්දේ ගින්නක් ගලේවෙල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ බෙලිගමුව කොස්පොත කන්දේ ඇතිවූ ගින්නෙන් රක්ෂිතයේ අක්කර 30 කට ආසන්න ප්‍රමාණයක් විනාශ වී ඇතැයි ගලේවෙල බීට්ටු වන නිලධාරි අයි.එම් දයාන්නද මහතා පවසයි. 18 September 2018
ගාල්ලේ බන්ධනාගාර රැදවියකු පැන ගිහින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසික ප්‍රථිකාර ලබමින් සිටි බන්ධනාගාර රැදවියකු අද (18) පස්වරුවේ රෝහලින් පැන ගොස් ඇති බැව් කරාපිටිය රෝහල් පොලිසිය පවසයි. 18 September 2018
ඉමදුව කෝඹල රක්ෂිතයේ ගින්නක් ඉමදුව පිටුවලහේන ග්‍රාම නිලධාරි කොට්ඨාශයේ පිහිටි කෝඹල රක්ෂිතයේ හැවන රතුවිල ප්‍රදේශයේ පයිනස් වගාවක් අද (18) දහවල් ගිනි ගැනීමෙන් දැනට අක්කර 12ක් පමණ සහමුලින්ම විනාශවි ගොස් ඇතැයි යක්කලමුල්ල පොලිසිය කියයි. 18 September 2018
මහරගම ඝාතනයට දෙදෙනෙක් අත්අඩංගුවට මහරගම ඇරැව්වල පුරාණ විහාරස්ථානයක් ඉදිරිපිටදී තියුණු ආයුධවලින් කපා කොටා අමානුෂික අයුරින් තරුණයකු ඝාතනය කිරීමේ සිද්ධියට යොදා ගත් සුඛෝපභෝගී මෝටර් රථ දෙකක් සමඟ පාතාල සාමාජිකයෙකු හා තවත් පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය පවසයි. 18 September 2018
බසයට යට වී කාන්තාවක් මරුට හලාවත - කොළඹ මාර්ගයේ හාල්පන්විල මංසන්ධියේදී බස් රථයකට යටවීමෙන් කාන්තාවක් මිය ගොස් ඇතියි පොලිසිය කියයි. අද (18) දහවල් මෙම අනතුර සිදුවී ඇත. 18 September 2018
පාරක ගැටළුවකට ඉමදුව සභාව උණුසුම් වෙයි ඉමදුව කෝඹල මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේදී කාපට් කළ මාර්ගවල සවිකර තිබූ පසුව ඉවත් කල කැටගල් තොගය වෙනත් ප්‍රදේශයක සංවර්ධන කටයුත්තකට යෙදවීමට ඉමදුව ප්‍රාදේශීය සභාවගත් තීරණයට විරෝධය පළකිරීමක් වශයෙන් කෝඹල ප්‍රදේශය භාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ටී.ජී.රුවින් මන්තින්ද මහතා අද (18) ඉමදුව ප්‍රාදේශීය සභා රැස්වීමේදි මේසය උඩ නැගීම හේතුවෙන් එහි උණුසුම් තත්වයක් ඇතිවිය. 18 September 2018
කතරගම සමෘද්ධි බැංකු කොල්ලකරුවෝ 6ක් අත්අඩංගුවට කතරගම දෙටගමුව සමෘද්ධි බැංකුව කඩා රුපියල් හත් ලක්ෂ අනූ තුන් දහස් නවසිය විසි හතක මුදල් සහ චෙක් පොත් සමඟ එම දේපොළ තිබූ සේප්පුව සොරකම්කර ගෙන යෑමට සම්බන්ධ සැකකරුවන් හය දෙනෙක් තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 18 September 2018
ගාල්ලේ බරවා රෝගීන් වැඩි වීමේ අවදානමක් ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තාවන බරවා රෝගින්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන බවත් මේ හේතුවෙන් බරවා රෝගය තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබාදී ඇති සහතිකය පවා නොලැබීමේ අවදානමක් පවතින බවත් ගාල්ල දිස්ත්‍රික් බරවා රෝග මර්දන ඒකකය බාර වෛද්‍ය මංජුල පුංචිහේවා මහතා පවසයි. 18 September 2018
ගිනිඅවි-උණ්ඩ සමඟ අයෙක් අත්අඩංගුවට පිටිගල තැපැල් කාර්යාලය අසල නිවසක තිබී විදේශ රටක නිශ්පාධිත බෝර 12 ගිනිඅවියක කද කොටස බටය හා ජීව උණ්ඩයක් සමඟ සැකකරුවෙකු පිටිගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 18 September 2018
රිය අනතුරකින් කොස්තාපල්වරු දෙන්නෙක් මරුට යතුරු පැදියක ගමන් ගත් පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු ගල්ගමුව දුම්රිය ස්ථානය ආසන්නයේදි කැබ් රථයක ගැටිමෙන් මිය ගොස් ඇතැයි ගල්ගමුව පොලිසිය කියයි. 18 September 2018
වසර 18 කට පසු කාන්තාවක් සහ ඇගේ අනියම් සැමියා පෝරකයට කඩවත ඇල්දෙනිය ප්‍රදේශයේදී නිවසේ නිදා සිටි සැමියාව තම අනියම් සැමියා සමඟ එක්ව වයරයකින් ගෙල සිරකර ඝාතනය කළ මරණ කරුගේ බිරිඳ වූ චීවරධාරී කාන්තාවකට සහ ඇයගේ අනියම් සැමියාට ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද (17) මරණීය දණ්ඩනය නියම කළේය. 17 September 2018
කුඹුරු අක්කර 500ක් කීඩෑ වසංගතයෙන් විනාශ වෙයි මෙවර යල කන්නයේ කොට්ටුකච්චිය සහ කච්චිමඩුව ජලාශ යටතේ වගා කළ අස්වැන්න නෙලීමට ආසන්න කුඹුරු අක්කර 500 කට වැඩි ප්‍රමාණයක කීඩැ වසංගතයට ගොදුරු වීමේන් විනාශ වෙමින් තිබේන බව ගොවිහු පවසති. 17 September 2018
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026