IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


තංගල්ල රෝහලේ ඇදන් රථගාල තුළ විනාශ වෙමින් යයි

 

අනීෂා මානගේ

 

තංගල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන නේවාසික රෝගීන් සඳහා ඇති ඇදන් විශාල ප්‍රමාණයක් රෝහලේ රථගාලක් තුළ ගොඩගසා තැබීම නිසා විනාශ වෙමින් පවතින ආකාරය දක්නට ලැබේ.

තංගල්ල මූලික රෝහල හම්බන්තොට දිස්ත්‍රීක්කයේ ඇති ප්‍රධාන රජයේ රෝහලකි. තංගල්ල, කුඩාවැල්ල, නාකුළුගමුව, මාවැල්ල, වීරකැටිය, රන්න, අගුණකොළපැලැස්ස, බෙලිඅත්ත, මිරිස්වත්ත ආදී ප්‍රදේශ ගණනාවක රෝගීහු දිනපතා තංගල්ල මූලික රෝහල වෙත ප්‍රතිකර සඳහා පැමිණෙති.

ඇතැම් දිනවලදී රෝහලේ වාට්ටුවල ඉඩපහසුකම් හා ඇදන් ප්‍රමාණවත්ව නොමැතිකම හේතුවෙන් රෝගීන් වාට්ටුව අසල බිම නිදා සිටින ආකාරය ද දක්නට හැකිය. නමුත් බාහිර රෝගී අංශය පිහිටි ගොඩනැගිල්ලේ රථ ගාල පිහිටි බිම් මහලේ ඇදන් විශාල ප්‍රමාණයක් විනාශ වෙමින් පවතින ආකාරය දක්නට හැකිය.

අලුතින් ඉදිකෙරෙන ළමා වාට්ටු සංකීර්ණයේ පහත මාලයේ එක් කාමරයක් තුළද ළමා ඇදන් හයක් විනාශ වෙමින් පවතී. දැනට ළමා රෝගීන් නේවාසිකව ප්‍රතිකාර ලබන ළමා වාට්ටුවේද ඉඩ පහසුකම් හා ඇදන් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ළමා රෝගීන් හා ඔවුන්ගේ දෙමාපියන්ද අපහසුතාවයට පත්ව සිටි. ඇතැම් අවස්ථාවන් වලදී ළමා වාට්ටුවේ එක් ඇදක රෝගී දරුවන් තිදෙනෙකු පවා සිටින ආකාරය දක්නට හැකිය.

මේ සම්බන්ධයෙන් තංගල්ල මූලික රෝහලේ පරිපාලන නිළධාරි සී.එන්.ජයසේකර මහතාගෙන් අප කළ විමසීමේදී ඔහු පැවසූවේ ළමා වාට්ටුවල හා වැඩිහිටි රෝගීන් සඳහා ඇති වාට්ටුවල ප්‍රමාණවත් තරම් ඉඩ පහසුකම් නොමැති බවද රජයේ මූලික රෝහලක් සඳහා අනුමත කර ඇති ඇදන් ප්‍රමාණයට වඩා ඇදන් මෙම වාට්ටුවලට ඇතුළත් කිරිමට අවසර නොමැති බවයි.

ළමා වාට්ටු සංකීර්ණය මේ දිනවලදී ඉදිකිරීම් කටයුතු සිදුකෙරෙන බැවින් ඇදන් ගබඩා කර තැබීමට වෙනත් ස්ථානයක් නොමැතිකම හේතුවෙන් මෙලෙස රථවාහන නවතා ඇති ස්ථානයේ ගබඩා කර ඇති බවයි.  



අදහස් (0)

තංගල්ල රෝහලේ ඇදන් රථගාල තුළ විනාශ වෙමින් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site