(දයාරත්න ඇඹෝගම)
වාහල්කඩ සහ වාගොල්ලාකඩදි අනවසරයෙන් වැලි ගොඩ දමා වැලි ප්‍රවාහනය කරමින් තිබුණු ටිපර් රථ හතක්, බැකෝ යන්ත්‍රයක් සමඟ පුද්ගලයන් අට දෙනෙකු අද (20) සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි.
මිට අමතර මෙදිනම ගංජා සහ මත්කුඩු සන්තකයේ තබාගත් පුද්ගලයන් තිදෙනෙකු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගනු ලැබු වැලි ජාවරමට සම්බන්ධ සැකකරුවන් අට දෙනා කන්තලේ,කළුතර,කුරැණැගල,ඇඹිලිපිටිය ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
ගංජා සහ මත්කුඩු සමඟ අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් තිදෙනා අනුරාධපුර සහ කුරුණෑගල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd