(සුමතිපාල දීයගහගේ )
කතරගම දෙටගමුව සමෘද්ධි බැංකුව කඩා රුපියල් හත් ලක්ෂ අනූ තුන් දහස් නවසිය විසි හතක මුදල් සහ චෙක් පොත් සමඟ එම දේපොළ තිබූ සේප්පුව සොරකම්කර ගෙන යෑමට සම්බන්ධ සැකකරුවන් හය දෙනෙක් තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙහිදී සොරකම් කර ගෙන යන ලද දේපොළ සහ සැකකරුවන් පැමිණි වෑන් රථයද සොයා ගැනීමට පොලිසියට හැකිවී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කතරගම මහිංගණය සහ අම්බන්තොට පදිංචිකරුවන් බවද අනාවරණයවී ඇත.
පසුගිය 12 වන දින මෙම සොරකම කර තිබුණි.සැකකරුවන් අද(18) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd