IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත් කළ අයෙක් වසර 10 කට පසු අත්අඩංගුවට

(ජේ.කේ.එල් චාමින්ද)


මිටියාගොඩ ප්‍රදේශයේ පුද්ගලයකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් කිරිමට තැත්කොට වසර 10ක් තිස්සේ  සැගවී සිටි අයෙකු  කරාපිටිය ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත්බව ගාල්ල කොටුව නීතීය බල ගැන්විමේ ඒකකය පවසයි.


සැකකරු ඔහුගේ සහෝදරයා සමඟ ගොස් සැකකරුගේ බිරිදගේ සහෝදරයාට  2009 වසරේදි වෙඩි තබා තුවාල සිදුකර මනුෂ්‍ය ඝාතනයක් කිරිමට තැත්කොට තිබුණි. මෙම සිද්ධියෙන්  පසු මෙම සහෝදරයින් දෙදෙනා  ප්‍රදේශයෙන් පලාගොස් කටුනායක ප්‍ර දේශයේ රැකියවක් කරමින් සිට ඇත.


පසුව මොවුන් දෙදෙනා විදේශතව සිට මෙරටට පැමිණ තිබේ.එක් අයෙකු විදේශතව සිට වසර 05කට පමණ පසු පැමිණ තිබේ.අනික් පුද්ගලයා වසර 07කට පමණ පසු පැමිණ ඇති බව පොලිසිය කියයි.


මෙම සහෝදරයින් දෙදෙනාගෙන් බාල සහෝදරයා  පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වෙළදසැල්වලට කිරි පැකට්  දැමිමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇත. කරාපිටිය රෝහලේ  කිරිහලකට කිරි පැකට් දැමිමේදි මොහු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වැඩිදුර පරික්ෂණ කටයුතු සදහා මිටියාගොඩ පොලිසියට භාරදි ඇත.සැකකරු 35 හැවිරිදිවියේ පසුවු අයෙකි.
 



අදහස් (0)

මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත් කළ අයෙක් වසර 10 කට පසු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31833 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14294 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11166 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 233 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1173 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 334 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site