(ජි.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
ඉමදුව පිටුවලහේන ග්‍රාම නිලධාරි කොට්ඨාශයේ පිහිටි කෝඹල රක්ෂිතයේ හැවන රතුවිල ප්‍රදේශයේ පයිනස් වගාවක් අද (18) දහවල් ගිනි ගැනීමෙන් දැනට අක්කර 12ක් පමණ සහමුලින්ම විනාශවි ගොස් ඇතැයි යක්කලමුල්ල පොලිසිය කියයි.
පොලිසිය පවසන්නේ මෙම ගින්නට හේතුව මෙතෙක් සොයාගෙන නොමැති අතර එය කිසියම් පිරිසක් ගිනි තැබුවාද නැත්නම් ස්වාභාවික ගිනි ගැනීමක්ද යන්න සෙවිම සඳහා පරික්ෂණ ආරම්භ කර ඇති බවයි. මෙම ගින්න අධික පෑවිල්ල සහ ප්‍රදේශයේ පවතින තද සුළඟ හේතුවෙන් වේගයෙන් පැතිර යන බව පවසන පොලිසිය එය මැඩ පැවැත්වීම අසීරුබවද පවසයි.
මෙම ගින්න සම්බන්ධයෙන් යක්කලමුල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd