IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


චූදිත නිලධාරියා යළි සේවයේ පිහිටුවීම ගැන විගණන අධිකාරී සභාපතිට ලියයි

(උපාලි ආනන්ද)

උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම්වරයා විසින් පත් කළ ත්‍රිපුද්ගල කමිටු නිර්දේශයක් මත පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම්වරයා  විසින් දූෂණ චෝදනාවකට වැඩ තහනමට ලක් කරනු ලැබ සිටි උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරියෙකු යළි සේවයේ පිහිටුවීම නීතියට පටහැනි බව රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව කළ විගණන විමසුමකදී අනාවරණය වී ඇති බව  අනුරාධපුර විගණන අධිකාරිවරයා  විසින් උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකරියේ සභාපතිවරයාට දැනුම් දී තිබේ.

මෙලෙස නීතියට පටහැනිව යළි සේවයේ පිහිටුවා ඇත්තේ අනුරාධපුර අරිප්පු මාර්ගය සහ මැදවච්චිය ඇටඹගස්කඩ මාර්ගය  කාපට් අතුරා අලුත් වැඩියා කිරීමේදී රුපියල් කෝටි ගණනක මූල්‍ය අක්‍රමිකතාවක්  සිදු කිරීමේ චෝදනාවනට වැඩ තහනමට ලක්ව සිටි උතුරු මැද පළාත්  මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරියෙකි.

පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාට යොමු කර ඇති අදාල විගණන විමසුම් වාර්තාවේ තවදුරටත් මෙසේ සඳහන්ය. තමා යළි සේවයේ පිහිටුවන  ලෙස ඉල්ලමින් උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ වැඩ තහනමට ලක්ව සිටි නිලධාරියා විසින් ඉදිරිපත් කරන ලද අභියාචනය සලකා බැලීමට පළාත් ප්‍රධාන ලේකම්වරයා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ.

එම කමිටුව ලබා දුන් නිර්දේශය ප්‍රධාන ලේකම්වරයාට දැනුම් දුන් පසුව  පළාත් ප්‍රධාන  අමාත්‍යංශයේ ලේකම්වරිය විසින් අදාළ නිලධාරියා යළි සේවයේ පිහිටවනු ලැබ ඇත. එසේ වුවත් මෙම ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් විවිධ විවේචන එල්ලවෙමින් තිබේ.

මෙම විගණන විමසුමේ පිටපත් පළාත් ආණ්ඩුකාරවරයාට සහ පළාත් ප්‍රධාන ලේකම්වරයාට ද යොමු කර ඇත.



අදහස් (0)

චූදිත නිලධාරියා යළි සේවයේ පිහිටුවීම ගැන විගණන අධිකාරී සභාපතිට ලියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site