IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මහරගම ඝාතනයට දෙදෙනෙක් අත්අඩංගුවට

( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහරගම ඇරැව්වල පුරාණ විහාරස්ථානයක් ඉදිරිපිටදී තියුණු ආයුධවලින් කපා කොටා අමානුෂික අයුරින් තරුණයකු ඝාතනය කිරීමේ සිද්ධියට යොදා ගත්  සුඛෝපභෝගී මෝටර් රථ දෙකක් සමඟ පාතාල සාමාජිකයෙකු හා තවත් පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය පවසයි.


ඉකුත් 07 වැනි දින අලුයම සිදු කළ මෙම ඝාතනය සඳහා සම්බන්ධ අඹුසැමි යුවළක්, එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු ඇතුළු හය දෙනෙකු මීට දින තුනකට ඉහතදී ඇරැව්වලදී හා ඇඹිලිපිටියේදී අත් අඩංගුවට ගැනිනි.


එම සැකකරුවන් හා සැකකාරියගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු අනුව පාතාල සාමාජිකයා නාරාහේන්පිටදී සහ අනෙක් පුද්ගලයා කඩුවෙලදී අත් අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙක් පැවසීය.


කඩවත පුද්ගලයා රැගෙන ආ මෝටර් රථයට අමතරව අංගොඩ ප්‍රදේශයේ කුලී රථ සේවා ආයතනයකින් මෝටර් රතයක් කුලී පදනම මත ලබාගෙන තරුණයා ඝාතනය කිරීම සඳහා සැකකරුවන් පිරිස ගමන් කර ඇති බව සිදු කළ විමර්ශන වලදී හෙළි වී ඇතැයි පොලිසිය පවසයි.
කොලොන්නාව සැලමුල්ල ආනන්ද රාජා පාරේ පදිංචිව සිටි විරාජ් පාලිගේ පුෂ්පකුමාර (22) නැමැත්තා ඝාතනය කිරීමෙන් පසු මොවුන් සියලු දෙනා තලවතුගොඩ ප්‍රදේශයට ගොස් නව රෝහල ආසන්නයේ ආපනශාලාවක් ඉදිරිපිට ඝාතනයට ලක් වූ තරුණයා පැදගෙන ආ යතුරුපැදිය දමාගොස් තිබියදී සොයා ගෙන තිබිණි.


අත් අඩංගුවට ගත් පාතාල සාමාජිකයා කෙසෙල්වත්තේ දිනුක නමැති පාතාල සාමාජිකයාගේ ගෝලයෙකු ලෙස කටයුතු කරන අයෙක් බව පොලිසිය කියයි.


එම පුද්ගලයාව ඝාතනයෙන් අනතුරුව රුපියල් දස දහසක මුදලක් ඝාතනය සැලසුම් කළ එකම පවුලේ සහෝදරයන් දෙදෙනාට ලබා දී ඇතැයි ද පොලිසිය පවසයි.



අදහස් (0)

මහරගම ඝාතනයට දෙදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site