(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
මත් වතුර පානය කර සේවයේ නියුතුව සිටියේ යැයි කියන අඹගමුව ප්‍රාදේශීය සභා කාර්යාලයේ කළමණාකාර සහකාරවරයකුගේ ක්‍රියා කළාපය සම්බන්ධයෙන් සුදුසු විනය ක්‍රියාමාර්ග නොගැනීමට එරෙහිව විරෝධය පා සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 10 දෙනෙක් අද (20) පැවති සභා රැස්වීම වර්ජනය කරමින් සභාවෙන් පිටතට පැමිණියහ.
අඹගමුව ප්‍රාදේශීය සභාවේ ඉකුත් සභා රැස්වීම පැවති අගෝස්තු (23) දා මත් වතුර පානය කර සේවයේ යෙදෙමින් සිටි කළමණාකාර සහකාරවරයකුගේ ක්‍රියා කළාපය සම්බන්ධව විරෝධය දක්වමින් එම නිලධාරියාට එරෙහිව වහා සුදුසු විනය ක්‍රියා මාර්ග ගන්නා ලෙස එදින සභාවට පැමිණ සිටි මන්ත්‍රීවරු 16 දෙනා ලිඛිතව තම විරෝධතාවයන් සභාපති පුෂ්ප ජයසංඛ මහතා වෙත කරුණු සහිතව ඉදිරිපත් කළේය.
නමුත් මේ දක්වා එම නිලධාරියාට එරෙහිව ක්‍රියාමාර්ග නොගැනීම පැවති සභාවේ වාර්තාවට මන්ත්‍රීවරුන් විසින් එදින සභාවේදී දැක්වූ විරෝධය සම්බන්ධව තොරතුරු ඇතුළත් නොකිරීම යන කරුණු පදනම් කර ගනිමින් අද (20) පැවති සභාවේදී ඊට විරෝධය ප්‍රකාශ කර තමන් ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 10 දෙනෙක් සභාව වර්ජනය කෙරිණි.
2025 දෙසැම්බර් මස 18
366
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1011
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අඹගමුව ප්‍රා. සබේ මන්ත්‍රීවරු 10 ක් සභාව වර්ජනය කරති