මොහොමඞ් බුහාර්ඩින්
ගලේවෙල ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ බෙලිගමුව කොස්පොත කන්දේ ඇතිවූ ගින්නෙන් රක්ෂිතයේ අක්කර 30 කට ආසන්න ප‍්‍රමාණයක් විනාශ වී ඇතැයි ගලේවෙල බීට්ටු වන නිලධාරි අයි.එම් දයාන්නද මහතා පවසයි.
අද (18) මෙම රක්ෂිතයට ඇතුලූ වු දඩයක්කරුවෙකු හෝ ගවයින් බලා ගන්නෙකු මෙහි තිබූ මානා පඳුරකට ගිනි තැබීම හේතුවෙන් මෙලෙස බෙලිගමුව රක්ෂිතය පුරාම ගින්න පැතිර ගොස් ඇතැයි වන නිලධාරිහු කළ විමර්ශනයේදි හෙලි වී තිබේ.
පවතින අධික සුළඟ හා කඳු ප‍්‍රදේශයක් වීම හේතුවෙන් ගින්න පැතිර යාම වේගවත් වී ඇති බවත් නිලධාරීන්ට ලඟා වීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවි ඇති බවත් කෙසේ හෝ බෙලිගමුව රජයේ ගොවිපොලේ කාර්යාල මණ්ඩලය හා ගම්වාසින් එක්ව ගින්න නිවා දැමීමේ කටයුතු ආරම්භ කර ඇතැයි බීට්ටු වන නිලධාරි අයි.එම් දයාන්නද මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
ගින්න හේතුවෙන් රක්ෂිතයේ තිබූ වටිනා ඹෟෂධ පැලැටි හා සතුන්ටද හානි සිදුවී ඇතැයි ගම්වාසිහු පැවසුහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd