මොහොමඞ් බුහාර්ඩින්
ගලේවෙල ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ බෙලිගමුව කොස්පොත කන්දේ ඇතිවූ ගින්නෙන් රක්ෂිතයේ අක්කර 30 කට ආසන්න ප‍්‍රමාණයක් විනාශ වී ඇතැයි ගලේවෙල බීට්ටු වන නිලධාරි අයි.එම් දයාන්නද මහතා පවසයි.
අද (18) මෙම රක්ෂිතයට ඇතුලූ වු දඩයක්කරුවෙකු හෝ ගවයින් බලා ගන්නෙකු මෙහි තිබූ මානා පඳුරකට ගිනි තැබීම හේතුවෙන් මෙලෙස බෙලිගමුව රක්ෂිතය පුරාම ගින්න පැතිර ගොස් ඇතැයි වන නිලධාරිහු කළ විමර්ශනයේදි හෙලි වී තිබේ.
පවතින අධික සුළඟ හා කඳු ප‍්‍රදේශයක් වීම හේතුවෙන් ගින්න පැතිර යාම වේගවත් වී ඇති බවත් නිලධාරීන්ට ලඟා වීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවි ඇති බවත් කෙසේ හෝ බෙලිගමුව රජයේ ගොවිපොලේ කාර්යාල මණ්ඩලය හා ගම්වාසින් එක්ව ගින්න නිවා දැමීමේ කටයුතු ආරම්භ කර ඇතැයි බීට්ටු වන නිලධාරි අයි.එම් දයාන්නද මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
ගින්න හේතුවෙන් රක්ෂිතයේ තිබූ වටිනා ඹෟෂධ පැලැටි හා සතුන්ටද හානි සිදුවී ඇතැයි ගම්වාසිහු පැවසුහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගලේවෙල කොස්පොත කන්දේ ගින්නක්