IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


දේපොළ කොල්ල කා දෙදරු මව සමූහ දුෂණය කළැයි වසර 34ක සිර දඬුවමක්

 (දිලීප් ජයසේකර)


අම්බලන්තොට මාමඩල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී අවි පෙන්වා බිය ගන්වා දේපළ කොල්ලකා දෙදරු මවක සමුහ දුෂණයට ලක් කළ දෙදෙනෙකුට වසර 17 බැගින් වසර 34ක සිර දඬුවමක් හා වින්දිත තැනැත්තියට රුපියල් ලක්ෂ තුනක වන්දි මුදලක්ද ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා නියෝග  කළේය.


මෙලස බරවැඩ සහිත සිරදඩුවම් නියමු වුයේ හුංගම,දෙනිය,හන්දිය කඩේ පදිංචි කරුවන් දෙදෙනෙකු වන ඩී.කේ.පී.නිශාන්ත කුමාර නොහොත් මද්දු හා ටී.ජී.පියරත්න නැමති සැකකරුවන් දෙදෙනාටය.


සැකකරුවන් දෙදෙනා 1994.10.02 වන දින අලුයම 02ට පමණ ඩී 02 ඇල, නුගේවෙල, මාමඩල, අම්බලන්තොට ප්‍රදේශයේ  නිවසකට පැමිණ පොලීසියෙන් ආ බව පවසා නිවසේ නිදා සිටි අය ඇහැරවා අත් පා ගැට ගසා අවි පෙන්වා බිය ගන්වා ඔවුන් සන්තකයේ තිබු මුදල් හා රණ් භාණ්ඩ කොල්ල කා තිබේ.


පසුව සැකකරුවන් නිවසේ සිටි  28 හැවිරිදි ගෙහිමියා මිදුලේ ගැටගසා සිටියදී  22 හැවිරිදි දෙදරු මව නිවස තුළට රැගෙන ගොස් සමුහ දුෂණයට ලක් කර සැකකරුවන් පලා ගොස් තිබේ.


සිද්ධිය සම්බන්ධයෙන් නිවැසියන් අම්බලන්තොට පොලිසියට සිදු කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නඩු පවරා තිබේ.


සැකකරුවන්ට එරෙහිව පැවති දීර්ඝ නඩු විභාගයකින් පසු අදාල චෝදනාවන් සදහා සැකකරුවන් වැරදි කරුවන් බවට ඔප්පු විය.සැකකරුවන්ට එරෙහිව හම්බන්තොට මහාධිකරණයේ නඩු විභාගය ආරම්භයේ පටන්ම එක් සැකකරුවෙකු අධිකරණය මග හැර සිටි අතර එක් සැකකරුවෙකු පමණක් අධිකරණය හමුවේ පෙනි සිටියේය.


සැකකරුවන් දෙදෙනාගෙන් එක් සැකකරුවෙකු නොමැතිව පැවති දීර්ඝ නඩු විභාගයේදි අවි පෙන්වා භිය ගන්වා මංකොල්ල කැම හා සමුහ දුෂණය යන චෝදනාවන් දෙක සදහා වැරදි කරුවන් බවට එප්පු විය.


ඒ අනුව සැකකරුවන්ට දඩුවම් නියම කළ මහාධිකරණ විනිසුරු වරයා පළමු සැකකරු වන ඩී.කේ.පී.නිශාන්ත කුමාර යන අයට පළමු චෝදනාව සදහා වසර 12ක බරවැඩ සහිත සිර දඩුවමක් හා රුපියල් 5000ක දඩ මුදලක්ද, තුන්වන චෝදනාව සදහා වසර 05ක බරවැඩ සහිත සිර දඩුවමක් හා රුපියල් 5000ක දඩු මුදලක් හා අගතියට පත් කාන්තාවට රුපියල් 150,000/=ක වන්දි මුදලක්ද නියම කෙරුණි.


දඩ මුදල් හා වන්දි මුදල් නොගෙවන්නේ නම් තවත් වසර 04ක සිර දඬුවමක්ද පළමු චුදිතට නියම කෙරුණි.
දෙවන සැකකරු වන ටී.ජී.පියරත්න යන අයට දෙවන චෝදනාව සදහා වසර 12ක බර වැඩ සහිත සිර දඩුවමක් හා රුපියල් 5000ක දඩ මුදලක් නියම කෙරුණි අතර, තුන් වන චෝදනාව සදහා වසර 05ක බර වැඩ සහිත සිර දඩුවමක් සහ රුපියල් 5000ක සිර දඩුවමක් නියම කෙරුණි.


මිට අමතරව වින්දිත තැනැත්තිය සදහා රුපියල් 150,000/= වන්දි මුදලක්ද ගෙවන ලෙස නියෝග කෙරුණි.වන්දි මුදල් හා දඩ නොගෙවන්නේ නම් තවත් වසර 04ක සිර දඩුවමක්ද නියෝග කෙරුණි.අදාල චෝදනාවන් සදහා එක් එක් සැකරුවන්ට වසර 17 බැගින් වසර 34 සිර දඩුවම් නියම කල මහාධිකරණ විනිසුරු වරයා එය වසර 12කින් ගෙවා අවසන් වෙන ලෙස දඩුවම් නිකුත් කෙරුණි.


අධිකරණය මග හැර සිටින සැකකරුට එරෙහිව වරෙන්තු නිකුත් කෙරුණි අතර ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරපත් කර දඩුවම ක්‍රියාත්මක කරන ලෙසද මහාධිකරණ විනිසුරු වරයා පොලීසියට නියෝග කළේය.



අදහස් (0)

දේපොළ කොල්ල කා දෙදරු මව සමූහ දුෂණය කළැයි වසර 34ක සිර දඬුවමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31833 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14294 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11167 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 233 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1173 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 334 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site