IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බස්-යතුරු පැදි අනතුරින් සරසවි සිසුවෙක් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)


කොස්ගම අවිස්සාවේල්ල මාර්ගයේ හතලිස් නව වැනි කිලෝ මීටර් කණුව අසළදී අද(19) පෞද්ගලික බස් රථයක් හා යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් විශ්වවිද්‍යාල සිසුවෙකු මියගොස් ඇතැයි කොස්ගම පොලිසිය පවසයි.


අනතුරින් මිය ගොස් ඇත්තේ පල්ලේබැද්ද, අක්කර හැට පදිංචිව සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ සිසුවකු වූ පියල් සේනකුමාර (25) යන අයයි.


 බස් රථය හංවැල්ල සිට අවිස්සාවෙල්ල දක්වා ධාවනය කරමින් සිටියදී එම දිසාවටම ධාවනය වූ යතුරු පැදිකරු බස් රථය හා තරගයට ඉස්සර කිරීමට යාමේදී මාර්ගයේ ලිස්සා ගොස් බස් රථයේ පිටුපස රෝදයට යට වී මෙම අනතුර වී ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවසීය.

 

බරපතල තුවාල ලද යතුරු පැදිකරු අවිස්සාවෙල්ල රෝහලට ඇතුළත් කිරීමෙන්  පසු මිය ගොස් තිබූ බව පොලිස් නිලධාරියා වැඩි දුරටත් පැවසීය.


බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අවිස්සාවෙල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


කොස්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සෝමරත්න විජයමුනි මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවතවයි.



අදහස් (0)

බස්-යතුරු පැදි අනතුරින් සරසවි සිසුවෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site