ක.ගකරුණාරත්න
 
 
පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ "පුත්තලම් කැටේ" ධීවර තොටුපළට ආසන්නයේ මේදිනවල තුවාල වු වන අලියකු සැරිසරන බව එහි ධීවරයෝ කියති.


අංගම්මැඩිල්ල ජාතික වනෝද්‍යානයේ සිට පැමිණි අවුරුදු 25 – 30 ක් පමණ වයසැති ඒ අලියාගේ පාදයේ තිබූ තුවාල වලට ප්‍රතිකාර ලබාදී ඇති බව වනජීවී නිලධාරීහු පවසති.


බොහෝ දුරට ඒ තුවාල වෙඩි පහරවල් නිසා ඇතිවූ බවට සැකකරන බවද ඔවුහු සඳහන් කරති.