IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


විහාරාධිපති හිමිගේ අපේක්ෂිත ඇප අයදුම ඉවතට


 
උපාලි අනාන්ද 
 
11 හැවිරිදි බාල වයස්කාර සාමනේර හිමිකමක අපයෝජනය කළැයි කියමින් තමා අත් අඩංගුවට ගැනීමෙන් වළකින්නැයි අනුරාධපුර මූලස්ථාන පොලිසියට නියෝගයක් කරන්නැයි අනුරාධපුර විහාරාධිපති හිමිනමක ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් එම් ජානක සමරසිංහ මහතා අද (17) ප්‍රතික්ෂේප කළේය.
 
ඒ අනුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා අනුරාධපුර මූලස්ථාන පොලීසියට  නියෝග කළේ සාමනේර හිමිනමක  ලිංගක අපයේජනය කළ බවට චෝදනා ලැබ අධිකරණය මග හැර සිටින සැකකාර විහාරාධිපති හිමිනම වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසයි.
 
සැකකාර  ස්වාමීන් වහන්සේ නීතිඥ රජිත ජයවර්ධන මහතා මගින්  අධිකරණයට ඉදිරිපත් කළ අපේක්ෂික ඇප අයදුම්පතක් සළකා බැලීමෙන් පසුව ප‍්‍රධාන මසේත‍්‍රාත්වරයා මෙසේ නියෝග කළේය.
 
අත්අඩංගුවට ගන්නැයි එසේ නියෝග කළේ බෝගමුවේ සද්ධාරංශ නැමති 65 හැවිරිදි හිමිනමකි. 
 
මෙම සිද්ධිය සමිබන්ධයෙන් අධිකරණයට කරුනු දක්වමින් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නඩු කටයුතු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක එච් එම් යසරත්න මහතා සඳහන් කළේ මෙම සැකකාර විහාරාධිපති හිමිනම බාරයේ සිටි 11 හැවිරිදි සාමනේර හිමිනමකට සැකකාර හිමියන් ලිංගික අපයෝජනයක් සිදු කර ඇති බවට සාමනේර හිමිනම  මවද සමඟ පැමිණ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයට පැමිණිල්ලක්  කර ඇති බවයි .
 
 

එම පැමිණිල්ල  සම්බන්ධයෙන්  මූලික විමර්ශන අරඹා සැකකාර හිමිනම අත්අඩංගුවට ගැනීමට පොලිසිය ගියද උන්වහන්සේ පොලිසිය මගහැර ප‍්‍රදේශයෙන් පලා ගොස් ඇති බවද උප පොලිස් පරික්ෂක යසරත්න මහතා අධිකරණයට දැන්වීය.
 
සැකකාර විහාරාධිපති  හිමියන් අත් අඩංගුවට නොගන්නා ලෙසට ඉල්ලමින් ඉදිරිපත් කර ඇති ඇප අයදුම්පතට පොලිසිය විරෝධය පල කරන බවත් අධිකරණයට දැනුම් දුන් උප පොලිස් පරික්ෂක යසරත්න මහතා ඉදිරි විමර්ශන කටයුතු  සඳහා සැකකාර හිමිනම අත් අඩංගුවට ගැනීමට   අවශ්‍ය බවද  කීවේය.
 
සැකකාර හිමියන්ගේ අපේක්ෂිත ඇප අයදුම්පත අධිකරණයට ඉදිරිපත් කරමින් උන් වහන්සේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රජිත ජයවර්ධන මහතා  සඳහන් කළේ   හිමියන්ට එරෙහිව පොලිසියට යොමු කර ඇති පැමිණිල්ල අසත්‍ය එකක්  බවයි.
  
සැකකාර විහාරාධිපති ස්වාමීන් වහන්සේ රෝගාතුරව සිටින බවද අධිකරණයට කියා සිටි නීතිඥ ජයවර්ධන මහතා  උන් වහන්සේ අත් අඩංගුවට ගැනීම වළකාලමින් අනුරාධපුර මූලස්ථාන පොලිසියට තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසද අධිකරණයෙන් අයැද සිටියේය .
 
සැකකාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාගේ  එම ඉල්ලීම තරයේ ප‍්‍රතික්ෂේප කළ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා සැකාකර හිමි නම වහාම අත් අඩංගුවට ගෙන අධිකරණය  හමුවට ඉදිරිපත් කරන ලෙසට අනුරාධපුර මූලස්ථාන පොලිසියට නියෝග කළේය.



අදහස් (0)

විහාරාධිපති හිමිගේ අපේක්ෂිත ඇප අයදුම ඉවතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site