IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


හොරොව්පොතාන වගා වන්දි වංචාව ගැන පරීක්ෂා කරන්න කමිටුවක්

 

 

 

(දයාරත්න ඇඹෝගම)

 

හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වගා හානි වන්දි ගෙවීමේදී මුදල් වංචාවක් සිදුව ඇති බවට ගොවි සංවිධාන වලින් ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් පරික්ෂා කිරිම සඳහා පරික්ෂණ මණ්ඩලයක් පත්කර ඇතැයි ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් අසංක සෝමවංශ මහතා අද (16) පැවසීය.

පසුගිය 2016/2017 මාස් කන්නයේ දී හානි වු කුඹුරු වෙනුවෙන් එම ගොවින්ට වන්දි මුදල් ගෙවිමේදී මෙම මුදල් වංචාව සිදුවී ඇති බවට ගොවීහු චෝදනා කරති.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ නියඟය හේතුවෙන් විනාශ වු කුඹුරු වෙනුවෙන් ගොවීන් 24,400 කට පසුගිය සති කිහිපයේ දී වගා හානි වන්දි ගෙවා තිබිණි.

මෙහිදි වන්දි මුදල් ගෙවිමේදී කිසිදු වගාවක් නොකළ ගොවීන්ට අක්කරයක් සඳහා රුපියල් 20,000ක වන්දියක් පුර්ණ වගා  හානි සිදුවු ගොවීන්ට අක්කරයකට රුපියල් 6000 ක් ද සමහර ගොවීන්ට වන්දි වශයෙන් කිසිම මුදලක් නොලැබුණු බව ද ගොවීහු පවසති.

හොරොව්පොතාන අන්දරගොල්ලැව ගොවි සංවිධානයේ සභාපති එස්.ටි.ජයසිංහ මහතා මේ සම්බන්ධයෙන් මෙසේ පැවසිය.

මෙම වගා හානි වන්දි ගෙවිමේදී හොරොව්පොතාන අංක 117 ග්‍රාම නිලධාරි වසමේ බරපතල මුදල් වංචාවක් සිදුවෙලා තිබෙනවා. කිසිම වගාවක් සිදු නොකළ පුද්ගලයන් රැසකට හානි වන්දි විදියට රුපියල් ලක්ෂ 50 කට වැඩි මුදලක් ගෙවලා තිබෙනවා. පුර්ණ හානි වන්දි විදියට අපට ගෙවලා තිබෙන්නේ රුපියල් 6000 ක්, සමහරුන්ට ශතයක්වත් ලැබිලා නැහැ.

කිසිම වගාවක් නොකරපු අයට වන්දි විදියට විශාල මුදලක් ගෙවලා තිබෙනවා.මේ මුදල් වංචාවට ගොවි නියාමකවරු කෘෂි රක්ෂණ මණ්ඩලයේ නිලධාරින් සම්බන්ධ බවට අපට තොරතුරු ලැබි තිබෙනවා.

මේ සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පවත්වා අපට සාධාරණ විසදුමක් ලබා දෙන්න කියලා අපි කෘෂිකර්ම ඇමැතිතුමාට මේවන විට ලිඛිතව පැමිණිලි කර තිබෙනවා.

 



අදහස් (0)

හොරොව්පොතාන වගා වන්දි වංචාව ගැන පරීක්ෂා කරන්න කමිටුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site