IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පට්ටිවෙල කුඹුරු අක්කර 32 ක් ජලය නොමැතිව විනාශ වෙලා


 
 
(මොහොමඩ් බුහාර්ඩින්)
 
ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පට්ටිවෙල ගම්මානයේ කුඹුරු අක්කර 32 ක් ජලය නොමැතිව විනාශ වී ගොස් ඇතැයි ගොවීහු පවසති.


ජලය නොමැතිව කන්න 6 ක් වී ගොවිතැන් කරගත නොහැකිව සිට හත්වන කන්නයේ ලද මද වැස්සෙන් සහ පට්ටිවෙල වැව් ජලයෙන් ඔවුහු  වගා කටයුතු කරති. පවතින අධික නියඟය හේතුවෙන් වැවේ ජලය හිඟවීමෙන් පූදින ගොයමට මාස දෙකක් තිස්සේ ජලය නොමැතිවීම නිසා ගොයම කහ ගැසී විනාශ වී ගිය බව ඔවුහු පැවසූහ.


පට්ටිවෙල පැරකුම් ගොවි සමිතියේ සාමාජික උදය කුමාර අත්තනායක මහතා මෙසේ කීවේය.


“කන්න හයක් කුඹුරු කරන්න බැරිවුණා. මේ කන්නේදිත් අහස් දියෙන් ලැබුණ වැහි වතුරෙන් බාගෙටයි පට්ටිවෙල වැව පිරුණේ. ඒ වැවෙන් කුඹුරට වතුර හැරෙව්වත් පවතින අධික වියලි කාලගුණය නිසා වතුර මදිවුණා. මේ යායේ කුඹුරු අක්කර 32 ම මැරිලා ගියා. ගොවි පවුල් 35කට යන එන මං නැතිවුණා. හැමදාම ගොවියටයි හැම දුකම. අපි වගකිවයුතු බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා මේ සිද්ධවුණ හානියට වගා වන්දියක්වත් දීලා අපේ ගොවින් රැකගන්න කියලා. නැතිනම් ඉදිරියට අපට කන්න හාල් නැතිවෙයි.”
 



අදහස් (0)

පට්ටිවෙල කුඹුරු අක්කර 32 ක් ජලය නොමැතිව විනාශ වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site