රොමේෂ් මධුෂංඛ
කිළිනොච්චිය සංස්කෘතික මධ්‍යස්ථානය අසල පිහිටි චන්ද්‍ර උද්‍යානයේ (මූන් පාර්ක්) තිබූ ඉපැරණි නටබුන් සහිත ස්ථානයක් කිළිනොච්චියේ කරච්චි ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් පිරිසක් විසින් ඩෝසර් කර ඉවත්කර තිබේ.
වසර තුනක කාලයක සිට දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතා මේ නටබුන් සහිත ස්ථානය ඉවත් කරන ලෙස කරච්චි ප්‍රාදේශීය සභාවේ නිලධාරීන්ට දැනුම් දී තිබුණු බව ඔවුන් මාධ්‍යයට පවසා තිබුණි.
මේ නටබුන් සහිත ස්ථානය ඩෝසර් කරන අවස්ථාවට ශ්‍රීධරන් මන්ත්‍රීවරයාද පැමිණ ඇති අතර කිළිනොච්චිය සංස්කෘතික මධ්‍යස්ථානය පිහිටා ඇත්තේද කිළිනොච්චිය නගර මධ්‍යයේම වන අතර එම ඉපැරණි නටබුන් වලින් නගරයේ කටයුතු වලට හෝ වෙනත් කටයුතු වලට කිසිදු බාධාවක් එල්ල වී නොතිබුණි.
නමුත් එවැනි නටබුන් ඉවත් කිරීමට දේශපාලන නියෝජිතයින් හා ප්‍රාදේශීය සභා නිලධාරීන් කටයුතු කිරීමට හේතුව කුමක්ද යන්න නොදන්නා බවත් එම නටඹුන් පොලොන්නරු යුගයට අයත් ඉපැරණි නටඹුන් බවට එහි ඉදිකර තිබූ ගඩොල් වලින් පෙනී යන බවට ප්‍රදේශවාසීහු පවසති.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කිලිනොච්චියේ ඉපැරණි නටඹූන් ස්ථානයක් ඉවත් කරයි