IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


හලාවත් නෂ්රියා විද්‍යාලයේ විද්‍යාගාරය විවෘත කෙරේ

ජුඩ් සමන්ත.
 
හලාවත නෂ්රියා මුස්ලිම් මහා විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද විද්‍යාගාරය විවෘත කිරීම වයඹ ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය අද සිදු විය.
 
මෙම අවස්ථාවට වයඹ පළාත් සභාවේ හිටපු අධ්‍යාපන ඇමතිවරයෙකු වන සන්ධ්‍යා කුමාර රාජපක්ෂ මහතාද එක්ව සිටියේය. විවෘත කරන ලද විද්‍යාගරය ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 98 ක  මුදලක් වෙන් කර  ඇත්තේද හිටපු පළාත් අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍යා කුමාර  රාජපක්ෂ මහතා විසිනි.
 
නව විද්‍යාගාරය තුළ   තිබූ අන්වීක්ෂයක් ප්‍රධාන ඇමතිවරයා විසින් නිරීක්ෂණය කරන ලදි.
 
“බලන්න ඇමතිතුමා වයඹ පළාත් සභා ඡන්දය පැවැත්වෙන දිනය එහෙම පේනවද කියලා?” හිටපු පළාත් අධ්‍යාපන ඇමති සන්ධ්‍යා කුමාර රාජපක්ෂ මහතා විමසා සිටියේය.  “ඉන්න මමත් බලන්නම්...” යැයි පැවසූ හිටපු පළාත් අධ්‍යාපන ඇමතිවරයාද අන්වීක්ෂය නිරීක්ෂණය කළේය. “ම්හ්...පේන තෙක් මානෙක නෑ...”සන්ධ්‍යා කුමාර රාජපක්ෂ මහතා කියද්දී පැමිණ සිටි සියලු දෙනා සිනහ නගන්නට වූහ.
 
වයඹ පළාත් සභාවේ නිල කාලය ලබන ඔක්තොම්බර් මස 10 වැනිදා අවසන් වීමට නියමිතව ඇත. 



අදහස් (0)

හලාවත් නෂ්රියා විද්‍යාලයේ විද්‍යාගාරය විවෘත කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site