වෛද්‍ය අවසර පත්‍රය අවභාවිතා කළ දෙදෙනකුට තරයේ අවවාද වෛද්‍යවරුන් සඳහා නිකුත් කරන රථවාහන අවසර පත්‍රයක් උපයෝගි කරගෙන වෑන් රථයකින් ගමන් කරමින් සිටි දෙදෙනකු වෛද්‍ය කාර්ය මණ්ඩලයකට අයත් නොවන බවට තහවුරු කර ගැනීමෙන් අනතුරුව දැඩි ලෙස අවවාද කර මුදා හැරීමට මීගමුව කොච්චිකඩේ පොලිස් මාර්ග බාධකයේ නිලධාරීහු කටයුතු කළහ. 25 May 2021
මැතිසබයේ ඡන්ද මැසිමේ දෝෂ හෙළිවෙයි මැතිසබයේ සවි කර ඇති ඡන්දය ගණනය කරන ඉලෙක්ට්‍රොනික පද්ධතියේ දෝෂ සහ අඩුපාඩු කිහිපයක් එම පද්ධතිය පරීක්ෂා කළ තාක්ෂණික විශේෂඥයන් සහ ඉංජිනේරුවන් සොයාගෙන ඇත . 25 May 2021
කොරෝනා මරණ අවම කර ගැනීමට තිස්ස විතාරණගෙන් යෝජනාවක් කොරෝනා මරණ අවම කිරීමට මේ මොහොතේදී අනුගමනය කළ හැකි සුදුසුම උපක්‍රමය වන්නේ නිදන්ගත රෝගවලින් පෙළෙන මෙරට අධි අවදානම් කණ්ඩායම්වලට කොරෝනා මර්දන එන්නත කඩිනමින් ලබාදීම බව වයිරස වේදය පිලිබද ප්‍රකට විද්‍යාඥයකුවන මහාචාර්ය තිස්ස විතාරණ මහතා ලංකාදීපයට පැවැසීය. 25 May 2021
කොරෝනා රෝග ලක්ෂණ මර්දනයට පොල්තෙල් පිරිසුදු පොල්තෙල්වලින් ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ඇති වන රෝග ලක්ෂණ මර්දනය කළ හැකි යැයි පිලිපීනයේ ප්‍රධාන පෙළේ රසායනික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු උපුටා දක්වමින් ‘සී.එන්.එන්. පිලිපීන්ස්’ පුවත් සේවය වාර්තා කර ඇත. 25 May 2021
“ඩොක්ටර්ස්ලා ඔච්චර පාරේ ඉන්නෙ කොහොමද’’ බොහෝ දෙනකු මේ අවස්ථාවේදී සිය වගකීම ඉටු නොකිරීම ගැටළුවක් බවත් සමහරුන් ඩොක්ටර්ස්ලා බව හඟවන බෝඩ් වාහනවල ප්‍රදර්ශනය කර එහෙ මෙහෙ ගමන් කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය . 25 May 2021
අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළට අත්තනගලු ඔයේ ජල මට්ටම අද දහවල් 12 වනවිට සුළු ගංවතුර මට්ටම දක්වා ඉහළ ගිය බව දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය සදහන් කරයි. 25 May 2021
දොස්තර ලාංඡනය අවභාවිතා කළ තිදෙනකු අල්ලයි වෛද්‍යවරුන් ලෙස පෙනී සිටිමින් මෝටර් රථ පැදවූ තිදෙනකු කොළඹ ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි 25 May 2021
ලංගම සේවකයන් 135කට කොරෝනා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින් 135 දෙනකු මේ වන විට කොරෝනා ආසාදිතයන් බවට පත්ව ඇතැයි එහි සභාපති කිංස්ලි රණවක මහතා පවසයි. 25 May 2021
පී.සී.ආර් සහ රැපිට් ඇන්ටිජන් පරීක්ෂණවලින් හෙද නිලධාරීන් ඉවත් වෙයි හෙද සේවයේ ප්‍රශ්නවලට විසඳුම් නොලැබීම නිසා පී.සී.ආර් පරික්ෂණ සහ රැපිට් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා නිදර්ශන ලබා ගැනීමේ ක්‍රියාවලියෙන් සමස්ත හෙද නිලධාරීන් ඉවත් වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි. 25 May 2021
‘‘කොරෝනා වයිරසයෙන් ජනතාව ආරක්ෂාකර ගන්න පියවරගෙන නෑ‘‘ කොරෝනා වසංගතයෙන් රටේ ජනතාව ආරක්ෂාකර ගැනීම සඳහා එක පනතක් හෝ වගන්තියක්වත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව ක්‍රියාකර නොමැති බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි. 25 May 2021
වෙරළාසන්න පදිංචිකරුවන්ට ධීවර දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක් කොළඹ වරාය ආසන්නයේ ගිනිගැනීමට ලක්වූ නෞකාවෙන් ඉවත විසිවූ බහාලූමක් දුටුවහොත් වහාම එම ස්ථානයෙන් ඉවත් වන ලෙස ධීවරයන්ට සහ වෙරළාසන්න පදිංචිකරුවන්ට ධීවර දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි. 25 May 2021
වතුකරයේ වගා බිම් ජලයෙන් යටවෙයි පවතින අධික වර්ෂාව හේතුවෙන් උඩරට වතුකරයේ වගා බිම් රැසක් ජලයෙන් යටව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. 25 May 2021
’’ජනතාවගේ හැසිරීම හොඳ නෑ’’ සංචරණ සීමා ලිහිල් කෙරුණු අද (25) දිනයේදී බොහෝ පිරිස් හැසුරුණු ආකාරය සතුටු විය නොහැකි හෙයින් ඉදිරියේදී වෙළඳ සල් විවෘත කිරීම වෙනුවට වෙනත් විකල්ප ක්‍රියා මාර්ගයකට යොමුවීමට සිදුවන බව කොවිඩ් පාලනය කිරීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 25 May 2021
නාය යෑමේ අවදානමක්: හැටන් ගමකට යන මාර්ග වසයි මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව නිසා නාය යෑමේ අවදානමකට ලක් ව ඇති හැටන් සමනලගම ගම්මානයට පිවිසෙන මාර්ගය අද දින තාවකාලිකව වසා දැමූ බව දික්ඔය නගර සභාවේ නිලධාරිහු පවසති. 25 May 2021
ත්‍රිකුණාමල මහා රෝහලේ හෙද වර්ජනයෙන් රැපිඩ් පරීක්ෂණ ඇන හිටි ත්‍රිකුණාමල මහා රෝහලේ හෙද කාර්ය මණ්ඩල අද (25) පරිභාහිර රාජකාරිවලින් ඉවත්විම නිසා රෝගින් ඇතුලත් කිිරිමට පෙර සිදු කරන රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාව සිදුකිරිමට නොහැකිවූ බව රෝහල් ආරංචි මාර්ග කියයි. 25 May 2021
බඩු ගන්න මහ පෝලිම් ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා සංචරණ සීමා ලිහිල් කළ අද (25) උදෑසන සිට විශාල ජනතාවක් නගරවලට පැමිණ සිටියහ. 25 May 2021
සිනමා නිළි සබීතාගේ සැමියා ව්‍යායාම කරද්දී ඇද වැටී රෝහල් ගත කරයි මෙරට ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු වන උපාලි ජයසිංහ මහතා ශරීර සුවතාව සඳහා ඇවිද යමින් සිටියදී මහා මාර්ගයේ ඇද වැටීමෙන් රෝහල් ගත කරනු ලැබ ඇත. 25 May 2021
නැවේ පිපිරීමක් වුවහොත් වරාය සූදානමින් කොළඹ වරාය ආසන්නයේ ගිනිගනිමින් තිබෙන පිපිරීමකට ලක්වූ රසායනික ද්‍රව්‍ය අඩංගු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් විශාල හානියක් සිදුවුවහොත් එය වැලැක්වීම සඳහා අවශ්‍ය හදිසි ආරක්ෂක පියවර ගැනීමේ සියලූම උපකරණ වරාය තුළ ස්ථානගත කළ බව සමුද්‍රීය පිරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය පවසන්නීය. 25 May 2021
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සහ බිරිඳට කොරෝනා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සහ ඔහුගේ බිරිඳ කොවිඩ් 19 ආසාදිතයන් ලෙස හඳුනා ගෙන ඇත 25 May 2021
එක්ස්ප්‍රස් පර්ල් නැවේ පිපිරීමක් 2කට තුවාලයි ගිනි ගැනීමකට ලක්ව කොළඹ වරාය ආසන්නයේ නවතා තිබූ රසායනික ද්‍රව්‍ය අඩංගු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අද (25) පෙරවරුවේ ඇති වූ පිපිරීමකින් එහි කාර්ය මණ්ඩලයේ දෙදෙනකු තුවාල ලබා ඇති බව නාවික හමුදාව පවසයි. 25 May 2021
කොරෝනාවට පෙම් බැඳි 745ක් අල්ලයි නිරෝධායන නීති උල්ලංඝනය කිරීම ,මුහුණු ආවරණ නොපැලදීම හා ,දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 745 ඉකුත් දින අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 25 May 2021
රත්නපුරයට ගංවතුර තත්ත්වයක් රත්නපුර මුවගම ජල මාපකයේ කලුගඟේ ජල මට්ම 25 අලුයම 50.30 වනවිට මීටර් 07.7 දක්වා ( අඩි 25 අඟල් 03 ) දක්වා ඉහළ ගොස් සුලු ගංවතුර තත්ත්වයක් ඇතිබී තිබේ. 25 May 2021
‘යාස්’ සුළි කුණාටුව චණ්ඩ වේ:රටපුරා මහ වැසි ඊසාන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ‘යාස්’ සුළි කුණාටුවේ සහ නිරිත දිග මෝසම් තත්වයේ බලපෑමෙන් අද (25) දිනයේත් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල තද වැසි සහ සුළං ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 25 May 2021
කොරෝනා එන්නත් ගන්න ඩොලර් කෝටි 22 වෙන්කරයි චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් එක්කෝටි හතලිස් ලක්ෂයක් මිලදී ගැනිම සදහා ඇමරිකා ඩොලර් කෝටි විසිදෙකක් වෙන් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත . 25 May 2021
කොරෝනා මර්දනයට දායකවන නිලදරුවන්ට කඩිනමින් එන්නත් කොරෝනා මර්දන වැඩසටහනට ගම් මට්ටමින් දායකවන රජයේ ක්ෂේත්‍ර නිලධාරීන්ට කොරෝනා එන්නත ප්‍රමුඛත්වය දී ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත . 25 May 2021
සේවක අර්ථසාධක අරමුදල් සේවා ගන්න මහ බැංකුවට යන්න ඕනේ නෑ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවෙන් ඉටු කරගත යුතු සේවා තැපෑලෙන්, විද්‍යුත් තැපෑලෙන් (ඊමේල්), අන්තර්ජාලය මගින් හෝ වාණිජ බැංකු ශාඛාවකින් කරගත හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 25 May 2021
විපක්ෂනායකට ළංවූ මන්ත්‍රීවරුන් පහළොවකට රතු නිවේදනයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ආශ්රිත වූ බවට හඳුනා ගැනුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පහළොස් දෙනකුට සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ගවලට යොමුවන්නැයි දැනුම් දුන් බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි. 25 May 2021
කොරෝනා ආසාදිත මරණ 33ක් හඳුනා ගනියි කොවිඩ් ආසාදිතවීමෙන් සිදුවූ මරණ තවත් 33ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඊයේ (24) තහවුරු කළේය. 25 May 2021
රට රටවල කොරෝනා තත්ත්වය ලොවපුරා රට රටවලින් කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා කටයුතු කළේය. 25 May 2021
වාහන ආනයනය සම්පූර්ණ අත්හිටුවයි වාහන සීමිත සංඛ්‍යාවක් හෝ ආනයනය කිරීම අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය අද රාත්‍රියේ තීරණය කර ඇත. 24 May 2021
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026