(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
වෛද්‍යවරුන් සඳහා නිකුත් කරන රථවාහන අවසර පත්‍රයක් උපයෝගි කරගෙන වෑන් රථයකින් ගමන් කරමින් සිටි දෙදෙනකු වෛද්‍ය කාර්ය මණ්ඩලයකට අයත් නොවන බවට තහවුරු කර ගැනීමෙන් අනතුරුව දැඩි ලෙස අවවාද කර මුදා හැරීමට මීගමුව කොච්චිකඩේ පොලිස් මාර්ග බාධකයේ නිලධාරීහු කටයුතු කළහ.
එම අවසර පත්‍රය ද ගලවා ඉවත් කිරීමට පොලිසිය ක්‍රියා කළේය.
සංචරන සීමා ලිහිල් කිරීමෙන් අනතුරුව අනවශ්‍ය ගමන් යන පුද්ගලයින් පරීක්ෂා කිරීමේ මෙහෙයුමේ යෙදි සිටි පොලිස් නිලධාරීන් වෛද්‍ය අවසර පත්‍රයක් ප්‍රදර්ශනය කරමින් ගමන්ගත් එම වෑන්රිය කොකිස්කඩේ මාර්ග බාධකයේ දී පරීක්ෂාවට ලක් කෙරිණි.
වෛද්‍ය කාර්ය මණ්ඩලයකට අයත් පුද්ගලයින් බවට තහවුරු කිරීමට එම වෑන් රථයේ ගමන්ගත් පුද්ගලයින්ට නොහැකි වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd