ජනපතිගෙන් සෞඛ්‍ය ප්‍රධානීන්ට නියෝගයක් චීන රජය මෙරටට පරිත්‍යාග කළ සයිනොපාම් එන්නත් මාත්‍රා ලක්ෂ පහ රට පුරා ජනතාවට වහාම ලබා දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට අද (26) උපදෙස් දුන්නේය. 26 May 2021
රැදවියන් 260 දෙනකුට ජනපති සමාව ජාතික වෙසක් දිනය නිමිත්තෙන් සිරකරුවන් 260 දෙනකුට ජනපති සමාවෙන් නිදහස ලබා දී ඇතැයි බන්ධනාගාර කොමසාරිස් (පාලන) මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසිය. 26 May 2021
නැවෙන් එන රසායන ද්‍රව්‍යයෙන් ජනතාව රකින්න නාවික හමුදාවෙන් ආරක්ෂක වැටක් කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ ගිනිගෙන දැවෙමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් නැමති බාහාලුම් ප්‍රවාහන නෞකාවෙන් මුහුදට වැටෙන බහාලුම් සහ විවිධ කොටස් වෙරළ තීරයට පැමිණෙමින් ඇති නිසා දික්ඔවිට සිට හලාවත දක්වා වෙරළ තීරය ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි නාවික හමුදාව පවසයි. 26 May 2021
පාර්ලිමේන්තු විපක්ෂ නායක කාර්යාලයේ ලේකම්වරියක ඇතුළු දහයකට කොරෝනා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ ලේකම්වරියක ඇතුළු සේවකයන් දස දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවැසීය. 26 May 2021
නාය අවදානමෙන් දුරෙක්කන්දේ පවුල් 17 ක් ඉවත් කරයි රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දුරෙක්කන්ද ප්‍රදේශයේ නායයාමේ අවදානම මත පවුල් 4 ක් ස්ථිරව ද පවුල් 13ක් තාවකාලිකව ද ඉවත් කිරිමට අද(26) පියවර ගනු ලැබීය. 26 May 2021
තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් ශ්‍රී ලංකාවට චීන රජය රජය පරිත්‍යාග කළ සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ පහක් රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය කටුනායක ගුවන්තොටුපළට ඊයේ (26) අලුයම පැමිණියේය. 26 May 2021
කුරුගඟේ පා වෙමින් තිබූ මළ සිරුරක් සොයා ගනී කුරුගගේ පාවෙමින් තිබු අසුහතර හැවිරිදි පුද්ගලයකුගේ මළ සිරුරක් එක්නැලිගොඩ කම්මලේ තොටුපළ ආසන්නයේ රැඳී තිබිය දී අද(26) පෙරවරුවේ සොයාගත් බව කුරුවිට පොලීසිය පැවසුවේය. 26 May 2021
කොරෝනා ආසාදිතව සිටි මුජිබර් සුවය ලබා ගෙදර එයි කොරෝනා ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ සමගි ජන ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සුවය ලබා සිය නිවෙසට ඊයේ (25) දහවල් පැමිණියේය. 26 May 2021
රංගන ශිල්පිනී සුරේනි සෙනරත් දිවි රඟමඩලෙන් බැසයයි ප්‍රවීණ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියන් වූ සුරේනි සෙනරත් මහත්මිය අභාවප්‍රාප්ත වූවාය 26 May 2021
සුළඟින් ඉබ්බන්කටුවේ විහාරස්ථානයකට හානි දඹුල්ල ගලේවෙල හරහා හමාගිය දැඩි සුළඟකින් ගලේවෙල දඹුල්ල ඉබ්බන්කටුව ප්‍රදේශයේ පිහිටි ගංගාරාම විහාරස්ථානයේ වැඩ සිටි බෝධීන් වහන්සේගේ අත්තක් කඩා වැටී විහාරස්ථානයේ බුදු මැදුරට දේව මන්දිරයට මෙන්ම ධර්ම ශාලාවට ද දැඩි හානි සිදුවී ඇතැයි විහාරාධිකාරී හිමිවරු පවසති. 26 May 2021
‘කොරෝනා පරාජයට තුන්වැනි එන්නතක් ඕනෑ ‘ කොරෝනා මර්දන එන්නතකින් පුද්ගලයකුට රැකවරණය සැලසෙන්නේ වසරක පමණ කාලයකට පමණකැයි වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු වී තිබෙන බව වයිරසවේදය පිළිබඳ ප්‍රකට විද්‍යාඥයකුවන මහාචාර්ය තිස්ස විතාරණ මහතා ලංකාදීපයට පැවැසීය. 26 May 2021
කොත්මලේ ජලාශයේ වේල්ල ආසන්නයේ ගිලා බැසීමක් කොත්මලේ ජලාශයේ ප්‍රධාන වේල්ල ආසන්නයේ මාර්ගයේ විශාල ගිලා බැසීමක් සිදුව ඇතැයි කොත්මලේ ජලාශයේ කාර්ය බාර ඉංජිනේරු ආර්.එම්.වත්සල මහතා පවසයි. 26 May 2021
මහවැලිගඟේ වැලි ගොඩදැමු 16 ක් අල්ලයි සංචරණ සීමා වලට මුවා වී බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් මහවැලි ගගේ වැලි ගොඩ දැමු සැකකරුවන් 16 දෙනෙකු වැලි ටිපර් නවයක් හා ට්‍රැක්ටර් හතක් සමග අත්අඩංගුවට ගත් බව මූතූර් පොලිසිය කියයි. 26 May 2021
නැවේ ගින්න තවත් පැතිරෙයි කොළඹ වරාය ආසන්නයේ ගිනිගනිමින් තිබෙන රසායනික ද්‍රව්‍ය අඩංගු එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ආසන්නට ළගාවීමට නොහැකි තත්වයයක පවතින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි. 26 May 2021
පර්ල් නෞකාවෙන් විසිවූ කොටස් මීගමුවට ගොඩ ගසයි ගිනිගනිමින් තිබෙන රසායනික ද්‍රව්‍ය අඩංගු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් පිටතට විසිවූ බහලුම්වල තිබූ පැකට් වැනි ද්‍රව්‍ය මීගමුව වෙරළ තීරයේ කොච්චිකඩේ සිට බෝපිටිය දක්වා වෙරළේ තැනින් තැනට ගොඩගසා ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි. 26 May 2021
කඹුරුගොඩ කම්හළක 15 කට කොරෝනා අත්තනගල්ල කොට්ඨාශයේ කඳ ඔළුවාව කඹුරුගොඩ ප්‍රදේශයේ පවත්වා ගෙන යන කොන්ක්‍රීට් ආශ්රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවයේ නියුතු පහළොස් දෙනෙකුට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ අද (26) පැවසීය. 26 May 2021
කොවිඩ් ආසාදිතයකු පැන යයි කොල්ලුපිටිය ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිතයකු ඊයේ(25 පස්වරුවේ එම රෝහලින් පැනගොස් ඇතැයි පොලිසිය පවසයි. 26 May 2021
නිරෝධායන නීති කැඩූ 686 අල්ලයි නිරෝධායන නීති උල්ලංඝනය කිරීම ,මුහුණු ආවරණ නොපැලදීම හා ,දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 686 දෙනකු ඉකුත් පැය 24ක දී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 26 May 2021
සංචරණය ලිහිල් කළ කාලය වූ අනතුරුවලින් හතක් මරුට සංචරණ සීමා ලිහිල් කළ ඊයේ දිනය තුළ දිවයින පුරා සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයන් හත් දෙනකු මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි. 26 May 2021
වෙන දා සුදුවතින් බැබළුණු වෙහෙර විහාර අද පාළුවට යයි සම්බුදු තෙමඟුල සිහි කෙරෙන වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදට (26) යෙදී ඇත. මෙවර කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් බොදු ජනතාවට වෙසක් දිනය සැමරීමට සිදුව ඇත්තේ නිවෙස්වල සිටය. 26 May 2021
‘යාස්’ ඉතා චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි ඊසාන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ‘යාස්’ චණ්ඩ සුළි කුණාටුවක් වීමේ සහ නිරිත දිග මෝසම් තත්වයේ බලපෑමෙන් අද (26) දිනයේත් දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි සහ සුළං ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 26 May 2021
කෝවිඩ් -19 මරණ තවත් 28ක් කොවිඩ් ආසාදිතවීමෙන් සිදුවූ මරණ තවත් 28ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඊයේ (25) තහවුරු කළේය. 26 May 2021
බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක අතමාරුවක් අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණයක් ශ්‍රී ලංකාවට ලබා දීමට බංග්ලාදේශයේ බැංකු මණ්ඩලය අනුමත කර ඇතැයි එරට පළවන නිව් ඒජ් පුවත්සේවය වාර්තා කර ඇත. 25 May 2021
කොවිඩ් 19 වයිරස ආසාදිතයෝ තවත් 1808ක් කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1808 දෙනකු ඊයේ (25) වාර්තාවිය. 25 May 2021
ගම්පහින් ආසාදිතයෝ 593ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉකුත් දින තුළ කොරෝනා වයිරසය ආසාදිතයන් 593 දෙනකු හඳුනාගත් බව දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙබ් අඩවිය කියයි. 25 May 2021
ගංඟා පහක් පිටාර මට්ටමේ තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ගංගා පහක් ආශ්‍රිතව ගං වතුර අවදානමක් මතුව ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 25 May 2021
නැවේ ගින්න නිවන්න ඉන්දියාවත් එයි කොළඹට නුදුරින් ඈත මුහුදේ ගින් ගන්නා එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න මැඩ පැවැත්වීම සඳහා ඉන්දීය වෙරළාරක්ෂක බළකායේ වෛභව් නෞකාව සහ අයි.සී.ජී. ඩෝනියර් ගුවන් යානය සහ වෝටර් ලිලී බෝට්ටුව පිටත් කර එවා ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. 25 May 2021
අනුරාධපුරේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට ගැටලු ගොඩක් ප්‍රමාණවත් පරිදි පි.සී .ආර් .පරීක්ෂණ කට්ටල හා රැපිඩ් ඇන්ටිජන් කට්ටල නොමැතිකමින් සිය බල ප්‍රදේශවල සිටින කොරෝනා රෝගීන් හඳුනාගැනීමේ ගැටළුවකට තම කාර්යමණ්ඩල මුහුණපා ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීහු පවසති. 25 May 2021
රත්නපුරයේ 1739කට ගංතුරින් බලපෑම් දින දෙකක් තිස්සේ රත්නපුර දිස්ත්‍රික්කයට බලපෑ අධික වැසි සහ සුළං හේතුවෙන් ඇති වු ගංවතුර, නායයාම් සහ තද සුළං හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 9ක ග්‍රාම සේවා වසම් 48ක පවුල් 420ක පුද්ගලයින් 1739දෙනෙකු ආපදාවට ලක්ව සිටින බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය පවසන්නීය. 25 May 2021
විල් බැරක්කෙන් නගරයට සංචරණ සීමා ලිහිල්කළ අද දින අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිලදි ගැනීම සඳහා රටපුරා ජනතාව නගරවලට සහ කඩසාප්පුවලට ඇදී ආහ. 25 May 2021
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026