(අජිත්ලාල් ශාන්තඋදය)
කුරුගගේ පාවෙමින් තිබු අසුහතර හැවිරිදි පුද්ගලයකුගේ මළ සිරුරක් එක්නැලිගොඩ කම්මලේ තොටුපළ ආසන්නයේ රැඳී තිබිය දී අද(26) පෙරවරුවේ සොයාගත් බව කුරුවිට පොලීසිය පැවසුවේය.
මියගොස් ඇත්තේ කුරුවිට උඩකඩ පදිංචි පී. සිරිසේන නැමැති අයකුගේ බව ඥාතීන් විසින් හඳුනාගත් බව ද පොලීසිය සඳහන් කළේය.
ගොඩගනු ලැබූ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රත්නපුර ශීක්‍ෂණ මහ රෝහලට ගෙනයනු ලැබිණි.
වැසි හේතුවෙන් කුරු ගඟේ ජල මට්ටම සීග්‍රයෙන් ඉහළගොස් ඇති අතර මියගිය තැනැත්තා අද උදැසන දියනෑමට උඩකඩ සිට එරත්නාගොඩ දෙසට යන තොටුපළට ඇවිත් ඇති බව එතැන තිබූ ඔහුගේ ඇඳුම්වලින් අනුමාන කරන බව ද පොලීසිය පැවසුවේය.
සිරුර හමුව ඇත්තේ අනතුර සිදු වී ඇති ස්ථානයේ සිට කිලෝ මීටර් එක හමාරක් පමණ පහළින් බවත් පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd