(වාරණ ආනන්ද ඉ ජයකොඩි)
අත්තනගල්ල කොට්ඨාශයේ කඳ ඔළුවාව කඹුරුගොඩ ප්‍රදේශයේ පවත්වා ගෙන යන කොන්ක්‍රීට් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවයේ නියුතු පහළොස් දෙනෙකුට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ අද (26) පැවසීය.
මේ අනුව එම රෝගීන් ගේ පළමු ආශ්‍රිතයින් පදිංචිව සිටින කඳ ඔළුවාව කඹුරුගොඩ ප්‍රදේශයේ නිවාස තිස් හතරක පදිංචි පිරිස් ස්වයං නීරෝධායනයට යොමු කොට ඇත.
අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින්එසේ නිරෝධායනයට යොමු කොට සිටින පවුල් වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ බෙදා දීම සිදු කළ බව එහි සහකාර ප්‍රාදේශීය ලේකම් සමීර ජයවර්ධන මහතා අද (26) උදෑසන පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd