අරගලයට එන්නැයි භික්ෂූන් දෙනමක් උපවාසයේ මේ වන විට රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වයට පැය විසිහතරක් ඇතුළත පිළිතුරු ලබා දෙන ලෙසත් ඒ වෙනුවෙන් ක්‍රියාකාරී වීමට අරගල භූමියට පැමිණෙන ලෙසත් රටේ මහජනතාවට ආරාධනා කරමින් භික්ෂූන් වහන්සේලා දෙදෙනෙක් ගාලු මුවදොර පිටියේ බිම වාඩිවී අද (02) උපවාසයක නිරත වෙති 02 November 2022
විරෝධතා පා ගමනට සියල්ල සූදානම් මර්දනය නවත්වන ලෙසට සහ , ත්‍රස්ත පනත වහාම හකුලා ගන්නා ලෙසට රජයට බල කරමින් දේශපාලන පක්ෂ,වෘත්තීය සමිති,සහ බහුජන සංවිධාන එක්ව සංවිධානය කළ විරෝධතා පා ගමන මරදාන එල්පින්ස්ටන් රඟහල අසලින් අරම්භ කිරීමට නියමිතය. 02 November 2022
ශ්‍රීලංකන් වෙතින් ශිෂ්‍ය සංචාරකයන්ට ප්රතිලාභ ශ්‍රීලංකන් ගුවන් සේවය ශිෂ්‍ය වීසා බලපත්‍රලාභීන්ට සුවිශේෂි ප්රතිලාභ හදුන්වාදී තිබේ. 02 November 2022
ඉන්දියාව කඩුලු 6 ට 184 යි බංග්ලාදේශයට එරෙහිව ඇඩිලේඩ් නුවරදී අද (02 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම ඕවර 20 ක් නිමාවේදී කඩුලු 6 ක් දැවී ලකුණු 184 ක් ලබාගත්තේය. 02 November 2022
උතුරු කොරියාව මිසයිල 17ක් එකවර අත්හදා බලයි උතුරු කොරියාව අධි බලැති මිසයිල 17 එකවර අත්හදා බලා ඇති අතර ඉන් එක් මිසයිලයක් දකුණු කොරියාවේ වෙරළට කිලෝ මීටර 60 කටත් වඩා අඩු දුරකින් පතිත වී තිබේ. 02 November 2022
ශාරිපුත්‍ර විදුහල්පති අල්ලස් චෝදනාවෙන් නිදහස් අහංගම ශාරිපුත්‍ර විද්‍යාලයේ පළමු වසරට ශිෂ්‍යාවක් ඇතුලත් කර ගැනීම සඳහා ඇගේ පියාගෙන් රුපියල් 20,000/- ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි එහි හිටපු විදුහල්පතිවරයා විත්ති වාචක නොකැඳවාම සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා නියම කළේය. 02 November 2022
තවත් දුම්රියක් පීලි පනියි මරදාන සහ කොළඹ කොටුව දුම්රිය ස්ථාන අතර අද (2) තවත් දුම්රියක් පීලි පැනීමකට ලක්ව ඇත. 02 November 2022
ලොව වේගවත්ම ගුවන් යානය අත්හදා බලයි ලොව විශාලතම ගුවන් යානය ලෙස සැලකෙන ස්ට්‍රැටෝලොන්ච් රොක් ප්‍රථම වරට ශබ්දයේ වේගය මෙන් පස් ගුණයක් වේගයෙන් ගමන් කළ හැකි ටැලොන් හයිපර්සොනික් පරීක්ෂණ යානයේ ආකෘතියක් රැගෙන ඉකුත් 28 වැනිදා සාර්ථක පියාසැරියක නිරත වී ඇත. 02 November 2022
බංග්ලාදේශය පන්දු යැවීම තෝරාගනී ඉන්දියාවට එරෙහිව ඇඩිලේඩ් නුවරදී අද (02 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ නායක සකිබ් අල් හසන් පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය. 02 November 2022
පත්කර නැති පාර්ලිමේන්තු කමිටු ඉක්මනින් පත් කරන්න මෙතෙක් පත්කර නොමැති සියලුම පාර්ලිමේන්තු කමිටු හැකි ඉක්මනින්ම පත් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා මහතාට අද ( 2) උපදෙස් දුන්නේය. 02 November 2022
කැබිලිගොල්ලෑව සිද්ධියෙන් මියගිය පොලිස් සැරයන්ට උසස් වීමක් වල්අලියකු පහර දීමෙන් පුද්ගලයකු මියයාමේ සිද්ධියක් මුල්කරගෙන කැබිලිගොල්ලෑව රඹුකැපුවැව ප්‍රදේශයේ ඇති වු නොසන්සුන්තාවක් අතර තුර පිරිසකගේ පහර කෑමට ලක්ව බරපතල තුවාල ලබා මියගිය පොලිස් සැරයන්වරයා උප පොලිස් පරීක්ෂකවරයකු වශයෙන් උසස් කර ඇති බව පොලිස් මුලස්ථානය කියයි. 02 November 2022
වසන්ත මුදලිගේ ජාතික රෝහලට රැඳවුම් නියෝගය මත ත්‍රස්ත විමර්ශණ ඒකකය භාරයේ සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුකරු වසන්ත මුදලිගේ කොළඹ ජාතික රෝහලට අද (2) පෙරවරුවේ ගෙන ආ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 02 November 2022
තිළිණී ඇතුළු 3ක් රිමාන්ඩ් මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකයන් හා විවිධ පුද්ගලයන්ගෙන් රුපියල් මිලියන ගණනින් මුදල් වංචා කර සාවද්‍ය පරිහරණය කළැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිණීය වන තිළිණී ප්‍රියමාලි ඇතුලු සැකකරුවන් තිදෙනකු ලබන 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළීණ ගමගේ මහතා අද (02) නියෝග කළේය. 02 November 2022
ශ්‍රී ලංකාව සමග බෞද්ධ සබඳතා ශ්‍රී ලංකාව සමග බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 15 ක ඉන්දියානු රජයේ ප්රදානය ක්‍රියාත්මක කිරීම සම්බන්ධව සහ යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේ වැඩ කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අතර අවස්ථා දෙකකදී රැස්වීම් පැවැත්වූ බව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 02 November 2022
නෙදර්ලන්තය සිම්බාබ්වේ පරදවයි නෙදර්ලන්තයට එහෙිව ඇඩිලේඩ් නුවරදී අද (02 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී සිම්බාබ්වේ පිල පරාජය කරමින් කඩුලු 5 ක පහසු ජයක් අත්කරගැනීමට නෙදර්ලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ. 02 November 2022
කැස්බෑව “හරිත කැදැල්ලක්” වෙයි ලෝක නගර දින සැමරුම නිමිත්තෙන් කැස්බෑව නගරය “හරිත කැදැල්ල” ලෙස සංවර්ධනය කිරීමට නියමිතය. 02 November 2022
වසරේ ආදායමට වඩා මාස හතර ණය අරන් මේ වසරේ මුල් මාස හතරේ ලබාගෙන ඇති ණය ප්‍රමාණය මුලු වසරේම රාජ්‍ය වියදමට වඩා වැඩි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ සහ රුහුණු විශ්ව විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාඅධ්‍යයන අංශයේ ආචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුතු පරීක්ෂණ කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී තොරතුරු අනාවරණයවී ඇත. 02 November 2022
දේශගුණ අභියෝගවලට මූණ දෙන්න රජරට මහැදුරෝ රුවන් සමඟ එක් වෙති රජරට විශ්ව විද්‍යාලයට අනුබද්ධව “දේශගුණික විපර්යාස අධ්‍යයන විශිෂ්ටතා මධ්‍යස්ථානයක්” පිහිටුවීම සම්බන්ධයෙන් වූ ව්‍යාපෘති වාර්තාවක් එහි උපකුපතිවරයාගේ නියෝජිත මහාචාර්ය ,ආචාර්ය පිරිසක් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතාට ජනාධිපති ලේකම් කාර්යාලයේදී බාර දුන්හ. 02 November 2022
ප්‍රියමාලිගේ මුදල් වංචාවට සහය දුන් සිරිසුමන හිමි රිමාන්ඩ් තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලි නැමැත්තිය විසින් ව්‍යාපාරිකයකුට රුපියල් මිලියන 750 ක් වංචා කිරීමේ සිද්ධියට අදාළව ආධාර අනුබල දුන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් බොරැල්ලේ සිරිසුමන හිමියන් ලබන 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද(02) නියෝග කළේය . 02 November 2022
කොළඹ වරාය නගරයේ වෙළෙඳ සංකීර්ණය අප්‍රේල් සිට කොළඹ වරාය නගරයේ තීරුබදු රහිත වෙළෙඳ සංකීර්ණය ලබන වසරේ අප්‍රේල් මස විවෘත කිරීමට නියමිත බව කොළඹ වරාය නගර සමාගම පවසයි. 02 November 2022
පොලිස් ආඥා පනත යොදාගෙන මූලික අයිවාසිකම් කඩකරන්න එපා දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන එක්ව අද (2) පැවැත්වීමට නියමිත සාමකාමී පාගමන නැවැත්වීමට පොලිස් ආඥාා පනතේ ප්‍රතිපාදන පාවිච්චි කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කළ හොත් බරපතල ප්‍රතිවිපාක ඇති විය හැකි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 02 November 2022
සිම්බාබ්වේ 117 කට දැවී යයි නෙදර්ලන්තයට එහෙිව අද (2 වැනිදා) ඇඩිලේඩ් නුවරදී පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම ඕවර 19.2 කදී ලකුණු 117 කට දැවී ගියේය. සිකන්දර් රාසා පන්දු 24 කින් ලකුණු 40 ක් ලබාගත්තේය. 02 November 2022
රැකියා වැඩියෙන් ඉල්ලන්න මනුෂ කොරියා යයි කොරියා රැකියා අවස්ථා ප්‍රමාණය ඉහළ නංවා ගැනීමටත්, නව රැකියා අවස්ථා ලබාගැනීම සදහා අවශ්‍ය පියවර ගැනීමටත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කොරියාව බලා පිටත්ව ගියේය. 02 November 2022
ඔක්තෝම්බර් මාසයේ සංචාරකයින් 42000 ඇවිත් ඔක්තෝම්බර් මාසයේ ශ්‍රී ලංකාවට සංචාරකයින් 42000 පැමිණ ඇතැයි සංචාරක දත්ත උපුටා දක්වමින් ෂින්හුවා වෙබ් අඩවිය වාර්තා කළේය. 02 November 2022
දුමක් විෂ වී පාසල් දරුවන් 54 රෝහලට පානදුරේ ප්‍රධාන ප්‍රාථමික පාසලක් අසල නිවෙසක තිබූ වයර් සහිත කසල ගොඩකට ගිනි තැබීමෙන් පසු එහි දුම ආග්‍රාහනය වූ පාසල් දරුවන් 54 දෙනකු රෝගී වී රෝහල් ගත කළ බව පොලිසිය කියයි. 02 November 2022
’’පාන් අඩු කලත් බනිස් අඩු කරලා නෑ’’ පාන් රුපියල් 10 කින් අඩු කලත් බනිස් මාලු පාන් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදන වල මිල අඩු කර නැතැයි පාරිභෝගිකයෝ මැසිවිලි නගති. 02 November 2022
බස් බස් ගැටී 10ක් රෝහලට පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටිමෙන් සිදු වු අනතුරකින් මගීන් දස දෙනකු තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කළ බව නාවලපිටිය පොලිසිය පැවසිය. 02 November 2022
උතුරටත් සෆාරි අභය භූමියක් උතුරු පළාතට අක්කර 1000කින් සමන්විත සෆාරි අභයභූමියක් සැකසීම සඳහා සුදුසු ඉඩම් පිළිබදව සොයා බලන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාට උපදෙස් දී තිබේ. 02 November 2022
කුඩුත් එක්ක අයෙක් මාට්ටු මොරන්තුඩුව මහලන්ද ප්‍රදේශයේ දී රුපියල් ලක්ෂ පහකට ආසන්න වෙළදපොළ වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ ගෝලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි . 02 November 2022
පාස්කු නඩුවෙන් බදුර්දීන් නිදහස් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවකු ව සිටී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා නීතිපති උපදෙස් ප්‍රකාරව එම නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (02) නියෝග කළේය. 02 November 2022
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026