IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ලොව වේගවත්ම ගුවන් යානය අත්හදා බලයි

ශබ්දයේ වේගය මෙන් පස් ගුණයක් වේගයෙන් ගමන් කළ හැකි ටැලොන්


(විමුක්ති එස් රුද්‍රිගු)

ලොව විශාලතම ගුවන් යානය ලෙස සැලකෙන ස්ට්‍රැටෝලොන්ච් රොක්, ප්‍රථම වරට ශබ්දයේ වේගය මෙන් පස් ගුණයක් වේගයෙන් ගමන් කළ හැකි ටැලොන් හයිපර්සොනික් පරීක්ෂණ යානයේ ආකෘතියක් රැගෙන ඉකුත් 28 වැනිදා සාර්ථක පියාසැරියක නිරත වී ඇත.

ස්ට්‍රැටෝලොන්ච් රොක් ගුවන් යානයේ පියාපත් අඩි 383 ක් වීම නිසා එය ලොව විශාලතම ගුවන් යානය ලෙස නම් කර තිබේ.

මෙය රොක් ගුවන් යානයේ 8 වෙනි පියාසැරිය වුවත් ටැලොන් හයිපර්සොනික් යානයක් සමග ගුවන්ගත ගත වූ ප්‍රථම අවස්ථාව විය. රොක් ගුවන් යානයේ පියාපත් මධ්‍යයේ ඇති කුළුණකට ටැලොන් හයිපර්සොනික් පරීක්ෂණ යානය සවි වී තිබුණි.ටැලොන් යානය ශබ්දයේ වේගය මෙන් පස් ගුණයකටත් වඩා වේගයෙන් ගමන් කළ හැකි භාණ්ඩ රැගෙන යාමට නිර්මාණය කර ඇති යානාවක් වන අතර එය දියත් කර යුත්තේ උඩු ගුවනේදීය.

මොහාවි කාන්තාරයට අඩි 23000 ක් ඉහළ අහසේ පැය 5 මිනිත්තු 6 ක කාලයක් ස්ට්‍රැටෝලොන්ච් රොක් ගුවන් යානය පියාසර කර ඇත. මෙම සාර්ථක පියාසැරියත් සමග ස්ට්‍රැටෝලොන්ච් රොක් ගුවන් යානය නිර්මාණය කිරීමේදී බලාපොරොත්තු වූ අරමුණු ඉටුකරගැනීමට හැකි වෙතැයි විශ්වාසයක් ඇති වූ බවත් මෙය ඉතාමත් වැදගත් සන්ධිස්ථානයක් බවත් දොස්තර සැකරි ක්‍රෙවර් ප්‍රකාශ කර ඇත.

මෙම සන්ධිස්ථානයත් සමඟ මීළඟ පියවර ටැලොන් යානය උඩු ගුවනේදී දියත් කිරීම අත්හදා බැලීම බව දොස්තර සැකරි ක්‍රෙවර් පැවසුවේය.

ලොව විශාලතම ගුවන් යානය ලෙස සැලකෙන ස්ට්‍රැටෝලොන්ච් රොක්



අදහස් (6)

ලොව වේගවත්ම ගුවන් යානය අත්හදා බලයි

wimal Wednesday, 02 November 2022 02:32 PM

විශිෂ්ඨයි, මෙවැනි දේවල් නිර්මාණය කරන මිනිස්සුන් තමයි අතිවිශිෂ්ඨයින් මේ ලෝකේ... හැබැයි තව ටික දවසකින් කියයි ලංකාවේ කෙනෙක් තමයි මේකේ රෝදයට නට් එක තද කළේ කියලා...

:       22       25

sharm warnWednesday, 02 November 2022 04:43 PM

ලංකාවේ අයගේ තාක්ෂණ දැනුම පහත් කරලා මොට කරලා විදේශිකයන්ගේ වැඩ ලොකු කරලා පෙන්වන ගොඩට එකතු වෙන්න එපා. නට් තද කරනවට වඩා වැදගත් දේවල් ලංකාවේ මිනිස්සු කරනවා. වැරද්ද තියෙන්නේ අපේ ජඩ මාධ්‍ය වලින් උලුප්පා ප්‍රසිද්ධ කරන්නේ පාදඩ දේශපාලුවන්ගේ තට්ටු දෙකේ පම්පොරි විතරයි.

:       4       31

SanthuThursday, 03 November 2022 12:34 AM

sharm warn ඔබ නිවැරදියි .එහෙම කියන්නෙ ඇයි. කෙතරම් ඉතාම උසස් ශ්‍රී ලාංකික ව්ද්වතුන් ලෝ පුරා විසිරී ඉන්නවද

:       1       6

Bempi Thursday, 03 November 2022 07:08 AM

උඹ ලංකාවේ උන්ට මෙහෙම ගරහන්න එපා. අපේ මිනිස්සුන්ගේ මොලේට ගහන්න මොළ මේ ලොවෙත් නෑ. පිටරටකට ගිය කෙනෙක් දන්නවා අපේ කට්ටියගේ තරම. ඕනෙම තැනක ඉහලම තැනක වැඩ් වශයෙන් ඉන්නේ ශ්‍රීලංකිකයෙක්. අපේ අයට වැඩක් කරන්න බැරි ලොකුම හේතුව ආර්ථික ප්‍රශ්න.

:       5       9

Ratawasiyek Wednesday, 02 November 2022 10:02 PM

අපේ අයගේ හැකියාවට මේ වනතෙක් කිසිම රජයකින් වටිනාකමක් දීලා නෑ. ලෝකේ ඉන්න මිනිස්සු අතරින් විශේෂ හැකියාවල් තියෙන වැඩි පිරිසක් ලංකාවේ ඉන්නවා.

:       2       7

පම්පෝරි සයිමා Friday, 04 November 2022 01:54 AM

කවුද අපේ මිනිස්සු කියන්නේ. ඔය "අපේ මිනිස්සු" කියන ජාතියේ අයට මනුස්ස සන්හතියේ අනිකුත් මිනිස්සුන්ට නැති විශේෂ ජාන තියෙනවාද අමුතු බුද්ධියක් ලැබෙන? දියුණු රටවල රැකියාවකට මිනිහෙක් ගන්නේ interview එකක් කරලා සුදුසුකම් බලලා. එකට ඒ මිනිස්සු රට, ජාතිය, සංස්කෘතිය සහ ආගම කියන දේවල් තඹ දොයිතුවකට මායිම් කරන්නේ නැහැ. ඔයා ඔය කියන විදියට අපේ මිනිස්සුන්ගේ මොලේට ගහන්න මොළ මේ ලොවෙත් නැත්තම් interview එකක් අවශ්‍ය නැහැ. මොකද කෙලින්ම job එකට ගන්නවා මොළේ තරමට. මම දන්නා තරමින් මේ රටවල interview නොකර කවවත් රැකියාවකට ගන්නේ නැහැ. ඒක හින්දා ලොකු විවිදත්වයක් තියෙනවා මෙහෙ රැකියා ස්ථාන වල වැඩ කරන මිනිස්සුන්ගේ. විශේෂ, අමුතු හෝ ලොකු මිනිස්සු නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 312 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 99 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site