අඩවි වන නිලධාරියා උන්ඩ සමග අල්ලයි බෝර දොලහේ තුවක්කු සඳහා යොදා ගන්නා පතුරොම් පහක් සමඟ අඩවි වන නිලධාරිවරයකු අද(18) අළුයම පූනෑව පොලිස් ස්ථානය ඉදිරිපිට දී අත්අඩංගුවට ගත් බව පූනෑව පොලිසිය කියයි. 18 November 2022
මව සහ දරු දෙදෙනා පැහැර ගත් සාජන් සහ බිරිය මාට්ටු වයස අවුරුදු 42 ක කාන්තාවක සහ 7 සහ 4 වියැති ඇයගේ කුඩා දරුවන් දෙදෙනා බලහත්කාරයෙන් නිවසක සිරකර ගෙන සිටී වැලිපැන්න පොලිසියේ සැරයන්වරයෙකු සහ ඔහුගේ බිරිඳ අද (18) අලුයම අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි. 18 November 2022
ක්‍රීඩා ව්‍යාපෘති 13ක සල්ලි වතුරේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ක්‍රීඩා සංවර්ධන ව්‍යාපෘති 13 ක් විවිධ හේතු මත නිම නොකර අතහැර දැමීම හේතුවෙන් එම ව්‍යාපෘති සඳහා මෙතෙක් වැය කර ඇති රුපියල් කෝටි තිස් තුනකට ආසන්න මුදලක් අපතේ ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. 18 November 2022
සාහිත්‍යය විෂයෙහි කළ මෙහෙවර ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන ඇගැයේ ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ සාහිත්‍ය සේවා අභිනන්දන උළෙල කොළඹ 7 නිදහස් මාවතේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. 18 November 2022
එස්.ටි.එෆ් - පාතාලය ගැටී දෙකක් මරුට මිනුවන්ගොඩ , ජාපාලවත්ත ප්‍රදේශයේදී අද (18) අලුයම පොලිස් විශේෂ කාර්ය බළකාය හා පාතාල සාමාජිකයන් දෙදෙනෙකු අතර ඇතිවූ වෙඩි හුවමාරුවකදී පාතාල සාමාජිකයන් දෙදෙනා මියගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි. 18 November 2022
කෝපරේටිව් රක්ෂණය - ලංකා බැංකුව සමග ගිවිසුමක මෙරට ප්‍රධාන පෙළේ රක්ෂණ සමාගයක් වන කෝපරේටිව් ඉන්ෂූවරන්ස් සමාගම ගනු දෙනු කරුවන්ට උපරිම සේවාවක් සැලසීමේ අරමුණින් මෙරට ප්‍රමුඛතම රාජ්‍ය බැංකුවක් වන ලංකා බැංකුව සමග රක්ෂණ ගිවිසුමකට එළැඹී ඇත. 18 November 2022
සංචාරක වීසාවලින් ඕමානයේ ගෘහ සේවයට ගොස් අමාරුවේ වැටිලා සංචාරක වීසා මත ඕමානයේ ගෘහ සේවය සඳහා ගොස් සිටින කාන්තාවන් විවිධ අඩන්තේට්ටම් සහ පීඩාවන්ට ලක්ව ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේය. 17 November 2022
අන්තර ජාලය හරහා වංචා කළ අයෙක් මාට්ටු අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ලෙස ලබාගත් සංවිධානාත්මක කල්ලියක තිදෙනකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල හා ආවේක්ෂණ බුද්ධි ඒකකය කියයි 17 November 2022
වසන්ත-සිරිධම්ම හිමි තවදුරටත් රඳවා ගැනීම ව්‍යවස්ථානුකූල නෑ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අන්ත්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ සහ ගලවැව සිරිධම්ම හිමියන් ගේ රඳවා ගැනීම තවදුරටත් දීර්ඝ කරන්නේ නම් එය අසාධාරණ සහ වෙවස්ථානුකුල නොවන බවත් එය ජාත්‍යන්තර වශෙයන් රටට අයහපත් ප්‍රතිඵල ගෙනදිය හැකි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි. 17 November 2022
වෙලේ සුදාගේ සහෝදරයා ගිනි අවියක් එක්ක මාට්ටු මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නමැත්තා ගේ සහෝදරයා විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 ඩබල් බැරල් වර්ගයේ ගිනි අවියක් සහ එයට යොදන ජීව උණ්ඩයක් සමඟ අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 17 November 2022
අර්ජුනගෙන් තිලංගට ලක්ෂ 250ක වන්දියක් මාධ්‍ය හමුවක් පවත්වමින් අපහාස කිරීමේ චෝදනාවට රුපියල් මිලියන විසිපහක වන්දියක් හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාට ගෙවන ලෙස නියෝග කරමින් ගල්කිස්ස සිවිල් අභියාචන මහාධිකරණය හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට ඊයේ (17) නියෝග කළේය. 17 November 2022
වල් අලියා හොඬ හිරකරගෙන අලි ජරමරයක් යකඩ බැරළක සිරවී සිටි වල් අලියකු ඉන් මුදවාගෙන ආරක්ෂීතව වනයට මුදා හැරීමට වයඹ වන අලි අල්ලා ඉවත් කිරීමේ කණ්ඩායමේ නිලධාහු කටයුතු කළහ. 17 November 2022
පොල්ගහවෙල සහ පොතුහැර අතර රේල්බස් රථය පීලී පනී පොල්ගහවෙල සිට මහව බලා ධාවනය වන රෙල් බස් රථය අද සවස 04.20 ට පමණ පොල්ගහවෙල සහ පොතුහැර දුම්රිය ස්ථාන අතර දී පීලි පැනිමකට ලක් විය. 17 November 2022
මහවැලි ගඟට පැන්න තරුණයා පොලීසිය සහ ගම්වාහු එක්ව බේරා ගැනෙති මහියංගනය පූජා නගරය ආසන්නයෙන් මහවැලි ගඟට පැන්න තරුණයක් පොලිසිය සහ ගම්වාසීන්ගේ සහයෙන් කිලෝ මීටර් දෙකක් පමණ දුරට ගොන් නිරුපද්‍රිතව බේගෙන ඇත. 17 November 2022
පොලිසියෙන් සිදුවන කාන්තා හිංසනයට එරෙහිව අරගලයන් හිදී පොලීසිය මගින් කාන්තාවන්ට සිදුකරන හිරිහැර වලට එරෙහිව කාන්තාවන්ව පොලීසියේ නොමිනිස් කමේ ගොදුරක් කරගන්න එපා , පොලිස්පති තුමනි කාන්තාවන්ට බුරන පානදුර පොලීසියේ සුනඛයා බැඳ දමනු යන විරෝධතා පුවරු අතැතිව අරගල කරුවෝ පිරිසක් අද ( 17 ) පස්වරුවේ කොළඹ පොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවූහ. 17 November 2022
නීතිඥ නුවන් බෝපගේට ඇප අරගලය පැවති ජූලි මස 09 වනදා කොටුව ජනාධිපති මන්දිරයට අයුතු ඇතුළු වීමක් කළැයි කියන සිද්ධියේ 59 වන සැකකරු ලෙස නම් කර සිටි නීතිඥ නුවන් බෝපගේ මහතා රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (17) නියෝග කළේය. 17 November 2022
වසන්තට - සිරිධම්ම හිමිට එරෙහි චෝදනා ඉවත් කරන්න අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන්ට එරෙහිව ඇති පදනම් විරහිත ත්‍රස්ත විරෝධී චෝදනා වහා ඉවත් කළ යුතු යැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ දකුණු ආසියානු කලාපීය පර්යේෂක ත්‍යාගි රුවන්පතිරණ මහත්මිය පවසයි. 17 November 2022
විවාහ පොරොන්දු දී ලක්ෂ 85 ක් වංචා කරලා: රෑපලාවන්ය ශිල්පිනිය අත්අඩංගුවට කොරියන් නැවක සේවය කරන 51 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකුට විවාහ පොරොන්දු දී රුපියල් ලක්ෂ 85 ක් ලබාගෙන වංචා කළ බව කියන 25 හැවිරිදි සුරූපී රූපලාවණ්‍ය ශිල්පිනියක් අත්අඩංගුවට ගත් බව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය කියයි. 17 November 2022
හොඳින් වැඩ කරන නායකයන්ට හොරා කියා අමතනවා දිග සුදු නැට්ටක් තියෙන කුරුල්ලා සුදු සුදුරෙදිහොරා ලෙසත් කහපාට පිහාටු තිබෙන කුරුල්ලා සිවුරුහොරා ලෙසත් හැඳින්වීමෙන් පෙනෙන්නේ මේ රටේ මිනිස්සු හොරා කියන වචනය කොච්චර නිකරුණේ පාවිච්චි කරනවද කියන එක නොවේ දැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේදී අද (17) ප්‍රශ්න කළේය. 17 November 2022
චමින්ද්‍රානි කිරිඇල්ලට සමගි අධ්‍යාපන සංගමයේ තනතුරක් සමගි අධ්‍යාපන සේවක සංගමයේ මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ ලේකම්ධුරයට චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මිය පත්කර තිබේ. 17 November 2022
ජාතික සාහිත්‍ය සම්මාන උළෙල අගමැති ප්‍රධානත්වයෙන් ජාතික සාහිත්‍ය සම්මාන ප්රදානෝත්සවය - 2022 අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී අද (17) පෙරවරුවේ පැවැත්විණි. 17 November 2022
කාලගුණයෙන් අනතුරු ඇඟවීමක් කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු, නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සහ ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයෙහි හෙට (18) සිට මෙම මස 21 වැනිදා දක්වා යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවන්ට දැනුම්දීමක් කර ඇත. 17 November 2022
රනිල්, සිරිල් එක්ක කළ කතාව එළියට ආර්ථික සහයෝගීතාව සහ අයෝජනය ඉලක්ක කර ගනිමින් දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රමපෝසා මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවේ දී සාකච්ඡා කෙරුණු බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි. 17 November 2022
මුහුදුබඩ මාර්ගයේ පාලමක් අබලන්වීමෙන් දුම්රිය ගමනට බාධා මුහුදුබඩ මාර්ගයේ කොම්පඤ්ඤවීදිය හා කොල්ලුපිටිය දුම්රිය ස්ථාන අතර දුම්රිය පාලමක් අබලන් වීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇත. 17 November 2022
මේ ආණ්ඩුව හාර ලක්ෂය ඇදුණු මුදලාලි වගේ මේ ආණ්ඩුව අද හැසිරෙන්නේ හාර ලක්ෂය ඇදුණු මුදලාලි වගේ යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවසීය. 17 November 2022
විදෙස් පුරවැසි මන්ත්‍රීවරිය රටින් පිටුවහල් කරන්න විදෙස් පුරවැසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය වහා රටින් පිටුවහල් කරන්නැයි සමගි ජන ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේය. 17 November 2022
පිලිමතලාව දුම්රිය මාර්ගය යථා තත්ත්වයට ප්‍රධාන දුම්රිය මාර්ගයේ පිලිමතලාව ආසන්නේ අද (17) අළුයම පීලි පැනීමට ලක්වු දුම්රිය යලි පීලි ගතකර අද දහවල් 12.30 ට නැවත එම මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව උසස් දෙපාර්තමේන්තුව උසස් නිළධාරියෙකු පැවසීය. 17 November 2022
’’ආණ්ඩුව විපක්ෂ මතයට ගරු කරන්නේ නෑ’’ අයවැය කෙසේ හෝ දිනන බව කියන ආණ්ඩුව, තමන්ට බහුතරය ඇති බව සිතන නිසා විපක්ෂයේ අදහස්වලට ගරු නොකරන තත්වයක් ඇතිවී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජයලාල් ද සිල්වා මහතා පැවසීය. 17 November 2022
ගල්ඔය වැවිලි සමාගම දරුවන්ට කන්න දෙයි ගල්ඔය වැවිලි සමාගම කලාප 05 පාසල් 19 ක ප්‍රාථමික අංශයේ සිසුන් සඳහා දිවා ආහාර ලබාදීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කළ බව ගල්ඔය වැවිලි සමාගමේ ප්‍රධාන විධායක නිළධාරි සුරාත් පෙරේරා මහතා පැවසීය. 17 November 2022
එළවළු බීජ මිල අහස උසට යයි එළවළු සහ පලතුරු බීජ කිලෝවක මිල ඉහළ දැමීම් නිසා එළවළු වගාවෙන් ඉවත් වීමේ අවදානමක පවතින බව බීජ අලෙවි කරන්නෝ සහ ගොවි සංවිධාන චෝදනා කරති. 17 November 2022
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026