(ඩයනා උදයංගනී)
අයවැය කෙසේ හෝ දිනන බව කියන ආණ්ඩුව, තමන්ට බහුතරය ඇති බව සිතන නිසා විපක්‍ෂයේ අදහස්වලට ගරු නොකරන තත්වයක් ඇතිවී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ උප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජයලාල් ද සිල්වා මහතා පැවසීය.
ආණ්ඩුව අයවැයෙන් තම ගජ මිතුරු කල්ලිය සහ විදේශීය බහුජාතික සමාගම් සතුටු කරන්නට පියවර ගෙන ඇති බවත්, දුම්කොල සමාගම්වලින් අති විශාල බදු ලබාගත හැකි වුවත් එසේ නොකර බීඩියට රුපියල් දෙකක බද්දක් පැනවීමෙන්ම ඔවුන් සාමාන්‍ය දුප්පත් ජනතාව ගැන දරණ මතය පැහැදිලි වන බවත් ෂාන් විජයලාල් මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය ලේඛනය රටේ තිබෙන ආදායම් ද අහිමි කරගමිනිමින් රට තවත් පරිහානියකට ගෙන යන එකක් බව ද මන්ත්‍රීවරයා කීවේය.
ෂාන් විජයලාල් ද සිල්වා මහතා මේ බව පැවසුවේ එම පක්ෂ මූලස්ථානයේදී අද (17) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’ආණ්ඩුව විපක්ෂ මතයට ගරු කරන්නේ නෑ’’
චන්දන Thursday, 17 November 2022 03:01 PM
මහත්තයා ඔය කියන්නේ මොන විපක්ෂය ද. විපක්ෂ කීයක් තිබෙනවා ද.
fairoos Thursday, 17 November 2022 04:54 PM
කැරට් අලේ පෙන්නුවාම ඔය සෙට් එක නිකන්ම චන්දය දෙනවා
විජේ Friday, 18 November 2022 04:01 AM
ඕවා මොනවද, ගුරුවරයෙක් ගනන්ගන්න තරම් මොලයක් නැති අය ඉන්න රටක්නෙ මේක. ඇයි ඔයා දන්නැද්ද?
de silva Friday, 18 November 2022 05:22 PM
අනේ නිකන් අපිව ගොනාට අන්දවන්න එපා... පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලපු සියලු දෙනාම ආණ්ඩුවේ මිසක්, විපක්ෂයේ වෙන්නේ කොහොමද? අයවැයේදී ඔය සියලු දෙනාම රනිල්ට ඡන්දය දේවි...