IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගල්ඔය වැවිලි සමාගම දරුවන්ට කන්න දෙයි

(වසන්ත චන්ද්‍රපාල)

ගල්ඔය වැවිලි සමාගම  කලාප 05 පාසල් 19 ක ප්‍රාථමික අංශයේ සිසුන් සඳහා දිවා ආහාර ලබාදීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කළ බව ගල්ඔය වැවිලි සමාගමේ ප්‍රධාන විධායක නිළධාරි සුරාත් පෙරේරා මහතා පැවසීය.

ගල්ඔය වැවිලි සමාගම සම්බන්ධව කටයුතු කරන නීත්ත කලාපය,දීඝවාපි කලාපය,ගල්මඩුව කලාපය, වරිපතන්චේන කලාපය,හිගුරාන කලාපයේ පාසල් 19 ක් මේ වෙනවිට ආහාර ලබාදීමට තෝරා ගෙන තිබේ.

රටේ පවතින ආර්ථිකය අනුව දරුවන් මන්දපෝෂණ තත්වයට ගොදුරුවීම වැලක්වීම සඳහා මෙම පියවර ගෙන තිබේ. ඒ අනුව පෝෂණ තත්වයෙන් යුතු දිවා ආහාර වේලක් ලබාදෙන අතර එය සතියකට වරක් ලබාදීමට සැලසුම් කර තිබේ.

දමන අධ්‍යාපන කලාපය, සමන්තුරේ අධ්‍යාපන කලාපය , සහ අක්කරපත්තුව අධ්‍යාපන කලාපයේ පාසැල් 19 ක් මේ සඳහා තෝරා ගෙන තිබේ.

ගල්ඔය වැවිලි සමාගම තුලම මෙම ආහාර සෞඛ්‍ය ආරක්ෂිතව සකස් කර බදුන් වල අහුරා දරුවන්ට ලබාදීමට පියවර ගෙන තිබේ.දිනකට කෑම පාර්සල් 400 ක් පමන ලබාදෙන අතර එක් විදුහලකට සතියකට එක්වරක් ආහාර ලබාදීමට සැලසුම් කර ඇති බවද සුරාත් පෙරේරා මහතා සදහන් කළේය.



අදහස් (2)

ගල්ඔය වැවිලි සමාගම දරුවන්ට කන්න දෙයි

sharm warn Thursday, 17 November 2022 01:58 PM

මෙ ආයතනයේ සත් ක්‍රියාව ඉහලින්ම අගය කරනව.. මෙ පුවතින් පැහැදිලි වෙන්නෙ නැද්ද මෙ රටෙ තියෙන ආර්ථික පරිහානියයි ජනතාව වැටිලා ඉන්න හිඟමන් තත්වයයි? බොරු පුච්චානම් කියලා ලෝකෙට පරකාසෙ බෙදුවට වැඩක් නෑ.. එක්සත් ජාතින්ගෙ සංවිධානය ඩොලර් 5 ක් හරි දෙන්න කියලා ආදාර එකතු කරන්නෙ ලන්කාවෙ මිනිස්සුන්ට V8 අරන් දෙන්න නෙමෙයි. . .

:       0       8

විජේ Friday, 18 November 2022 04:08 AM

කාලෙකින් සතුටුහිතෙන දෙයක් කියවන්න ලැබුනෙ. ඔබ සමාගමට වැඩි වැඩියෙන් ලැබේවා, තවත් මේවගේ දේවල් කිරීමට සිත් පහල වේවා!!! මිනිස්සුන්ටත් වගකීමක් තියනවා ඒවගේ සමාගම් ශක්තිමත් කරන්න. ජය වේවා!!!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site