(වසන්ත චන්ද්‍රපාල)
ගල්ඔය වැවිලි සමාගම කලාප 05 පාසල් 19 ක ප්‍රාථමික අංශයේ සිසුන් සඳහා දිවා ආහාර ලබාදීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කළ බව ගල්ඔය වැවිලි සමාගමේ ප්‍රධාන විධායක නිළධාරි සුරාත් පෙරේරා මහතා පැවසීය.
ගල්ඔය වැවිලි සමාගම සම්බන්ධව කටයුතු කරන නීත්ත කලාපය,දීඝවාපි කලාපය,ගල්මඩුව කලාපය, වරිපතන්චේන කලාපය,හිගුරාන කලාපයේ පාසල් 19 ක් මේ වෙනවිට ආහාර ලබාදීමට තෝරා ගෙන තිබේ.
රටේ පවතින ආර්ථිකය අනුව දරුවන් මන්දපෝෂණ තත්වයට ගොදුරුවීම වැලක්වීම සඳහා මෙම පියවර ගෙන තිබේ. ඒ අනුව පෝෂණ තත්වයෙන් යුතු දිවා ආහාර වේලක් ලබාදෙන අතර එය සතියකට වරක් ලබාදීමට සැලසුම් කර තිබේ.
දමන අධ්‍යාපන කලාපය, සමන්තුරේ අධ්‍යාපන කලාපය , සහ අක්කරපත්තුව අධ්‍යාපන කලාපයේ පාසැල් 19 ක් මේ සඳහා තෝරා ගෙන තිබේ.
ගල්ඔය වැවිලි සමාගම තුලම මෙම ආහාර සෞඛ්‍ය ආරක්ෂිතව සකස් කර බදුන් වල අහුරා දරුවන්ට ලබාදීමට පියවර ගෙන තිබේ.දිනකට කෑම පාර්සල් 400 ක් පමන ලබාදෙන අතර එක් විදුහලකට සතියකට එක්වරක් ආහාර ලබාදීමට සැලසුම් කර ඇති බවද සුරාත් පෙරේරා මහතා සදහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙ ආයතනයේ සත් ක්‍රියාව ඉහලින්ම අගය කරනව.. මෙ පුවතින් පැහැදිලි වෙන්නෙ නැද්ද මෙ රටෙ තියෙන ආර්ථික පරිහානියයි ජනතාව වැටිලා ඉන්න හිඟමන් තත්වයයි? බොරු පුච්චානම් කියලා ලෝකෙට පරකාසෙ බෙදුවට වැඩක් නෑ.. එක්සත් ජාතින්ගෙ සංවිධානය ඩොලර් 5 ක් හරි දෙන්න කියලා ආදාර එකතු කරන්නෙ ලන්කාවෙ මිනිස්සුන්ට V8 අරන් දෙන්න නෙමෙයි. . .
කාලෙකින් සතුටුහිතෙන දෙයක් කියවන්න ලැබුනෙ. ඔබ සමාගමට වැඩි වැඩියෙන් ලැබේවා, තවත් මේවගේ දේවල් කිරීමට සිත් පහල වේවා!!! මිනිස්සුන්ටත් වගකීමක් තියනවා ඒවගේ සමාගම් ශක්තිමත් කරන්න. ජය වේවා!!!!!