IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


එළවළු බීජ මිල අහස උසට යයි

(කාංචන කුමාර ආරියදාස)

එළවළු සහ පලතුරු බීජ කිලෝවක මිල  ඉහළ දැමීම් නිසා  එළවළු වගාවෙන් ඉවත් වීමේ අවදානමක පවතින බව බීජ අලෙවි කරන්නෝ සහ ගොවි සංවිධාන චෝදනා කරති.

දිවයිනේ එළවළු බීජ සහ පලතුරු බීජ වැඩි වශයෙන් අලෙවි වෙන දඹුල්ල නගරයේ බීජ අලෙවිසොල් හිමිකරුවන් කියා සිටියේ පසුගිය වසරට වඩා මේ වන විට සෑම බීජයක්ම කිලෝවක් සීයට 1500 ටත් වඩා ඉහළ අගයකින් අලෙවි කරන බව ය.

බීජ වලට අමතරව අනෙකුත් පලිබෝධනාශක ෙ වර්ගය ද සියයට 1500 ටත් වඩා වැඩි මිලකට ඉහළ දමා ඇති බව ද ඔවුහු වැඩිදුරටත් අවධාරණය කරති.

ඒ අනුව දඹුල්ල වෙළඳපල තුළ අද උදෑසන වන විට එළවළු වර්ග කිහිපයක බීජ කිලෝවක  මිල ගණන් සටහන් වූයේ මේ අයුරිණි.

බෝංචි රුපියල් 3680, දඹළ රු 1200, මෑ කරල් රුපියල් 17600, කැරට් රුපියල් ලක්ෂ 05 යි, ලීක්ස් රුපියල් ලක්ෂ 05 යි, නෝකෝල් රුපියල් 90000, රාබු රුපියල් 1400000, වම්බටු රුපියල් 20000, තක්කාලි රුපියල් ලක්ෂ 14, වැටකොළු රුපියල් 48550, වට්ටක්කා රුපියල් එක්ලක්ෂ 23000 යි ගෝවා රු ලක්ෂ හතරයි පිපිඤ්ඤා රු එක්ලක්ෂ අසුතාරදහසයි මාළුමිරිස් රු 43500 කරවිල, රුපියල් එක්ලක්ෂ 69000යි, මිරිස් රුපියල් ලක්ෂ හතරයි, කැකිරි රුපියල් 31500, බිට් රුපියල් 93500, පතෝල රුපියල් 10000, බණ්ඩක්කා රුපියල් 36000 සහ ගස් ලැබූ රුපියල් ලක්ෂ විස්සයි

මෙම බීජ මිල පාලනය කරනු ලබන්නේ පෞද්ගලික ආයතන කීපයක් බව වෙළෙන්දන් මෙන්ම ගොවීහු පෙන්වාදෙති .

 



අදහස් (0)

එළවළු බීජ මිල අහස උසට යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site