ලංගම බස්වල ටිකට් වෙනුවට කිව්.ආර් ලංකා ගමනා ගමන මණ්ඩල (ලංගම) බස් රථවල ගමන් ගන්නා මගීන්ගෙන් මුදල් අය කිරීම වෙනුවට කිව්.ආර්. ක්‍රමයක් එසේ නැත්නම් කාඩ්පත් ක්‍රමයක් මෙම වසර තුළ හදුන්වා දෙන බව ප්‍රවාහන, මහාමාර්ගය සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 10 April 2023
ලෝක බැංකුවේ මතය ජී.එල් කියයි ශ්‍රී ලංකාවේ කෘෂී ආර්ථිකයට නැවත නඟා සිටුවීමට මූල්‍ය සම්පත් දීමට සූදානම් වුවද එම මුදල් පිළිබඳ විගණනක කටයතු ශ්‍රී ලංකාවේ ආයතනයකට භාරනොදෙන්නේ යැයි ලෝක බැංකු ප්‍රකාශ කර ඇති බවත් එම ප්‍රකාශය ශ්‍රී ලංකාවට අවමානයක් බවත් නිදහස් ජනතා සන්ධානයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය. 10 April 2023
දුම්රිය නිළැදුම් සේවා අරමුදල ගැන පරීක්ෂණයක් ඉල්ලයි දුම්රිය නිළැදුම් සේවා අර්ථසාධක අරමුදලේ නිලධාරීන් කීපදෙනෙක් ව්‍යවස්ථා විරෝධීව කටයුතු කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර පරීක්ෂණයක් පවත්වා එහි වාර්තාව හැකි ඉක්මණින් යොමුකරන ලෙස ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා දුම්රිය සාමාන්යාධිකාරීවයාට ලිඛිතව දැනුම්දී තිබේ. 10 April 2023
නරක්වූ ඖෂධවලින් සංස්ථාවට කෝටි 19ක පාඩුවක් ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මිලදීගෙන ඇති ඖෂධ වලින් යම් තොගයක් තත්වයෙන් අසමත්වීම, කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් එම සංස්ථාවට 2020 සහ 2021 වර්ෂවලදී රුපියල් කෝටි 19 කට වැඩි පාඩුවක් දැරීමට සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. 10 April 2023
කුඩු ඇද්ද මෝටර් රථයට වෙඩි මත් කුඩු ප්‍රවාහනය කළ මෝටර් රථයකට වෙඩි තබා නවත්වා මත්කුඩු පැකට් 50ක් සමග සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව පොල්ගහවෙල පොලිසිය කියයි. 10 April 2023
ලංකාවේ මෝසමක් නිව්යෝර්ක් අධිකරණයකින් ඉවතට ණය ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් හැමිල්ටන් රිසර්ව් බැංකුව ශ්‍රී ලංකාවට එරෙහිව පවරා ඇති නඩුව ඉවත දමන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකාව ගොනු කළ මෝසම නිව්යෝර්ක් දිස්ත්‍රික් අධිකරණය ප්‍රතික්ෂේප කර ඇත. 10 April 2023
අඩු ආදායම් ලාභීන්ට ගෙවල් හදන වැඩෙි භාගයක් අවසන් “ඔබට ගෙයක් - රටට හෙටක්” නිවාස ආධාර ව්‍යාපෘතියේ නිවාස ඉදිකිරීම් මේ වනවිට සියයට 50ක පමණ වැඩ අවසන්ව ඇතැයි ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි. 10 April 2023
ප්‍රතිලාභීන්ට බෙදීමට ගෙන ආ දෙකෝටියක බඩු ගබඩාවල ශ්‍රී ලංකා හදබිම අධිකාරිය ප්‍රතිලාභී පවුල් 10680 කට බෙදාදීම සඳහා මිලදීගෙන තිබූ රුපියල් දෙකෝටියකට ආසන්න වටිනා කෘෂි උපකරණ පසුගිය වසරේ ජනවාරි 25 වැනිදා වනවිටත් ප්‍රයෝජනයට නොගෙන ගබඩා කර තිබිණැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 10 April 2023
සා.පෙළ කල් යයි මැයි මස 15 වැනිදා ආරම්භවීමට නියමිතව තිබූ අපොස සාමාන්‍ය පෙළ විභාගය (2022) සති දෙකකින් කල්දැමූ බව විභාග දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 10 April 2023
හොර පළිබෝධ නාශක විකිණුවොත් අවුරුදු තුනක් හිරේ ව්‍යාජ හා ප්‍රමිතියෙන් තොර පළිබෝධ නාශක හා වල් නාශක අලෙවි කිරීමේ ජාවාරමක් පවතින හෙයින් පලිබෝධ නාශක පාලන පනත වහාම සංශෝධනය කිරීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පලිබෝධ නාශක රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට උපදෙස් දුන්නේය. 10 April 2023
රසායන අවි ගැන මැතිසබයට පුහුණුවක් රසායනික අවි ප්‍රහාර වැළැක්වීම සඳහා අනුගමනය කළ හැකි ක්‍රම සහ විධි සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ආරක්ෂාව බාර නිලධාරීන්ට විශේෂඥ උපදෙස් මාලාවක් පසුගියදා ලබාදී ඇත. 10 April 2023
අලුත් සමාගම් තුනට අඩු මිලට තෙල් විකුණන්න අවසර ශ්‍රී ලංකාවේ සිල්ලර ඉන්ධන වෙළඳපොළට පිවිසෙන විදේශීය සමාගම් තුනට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අනුමත මිලට වඩා අඩුවෙන් ඉන්ධන අලෙවි කිරීමට අවසර ලබා දීමට රජය තීරණය කර ඇත. 10 April 2023
සහාරාන්ගේ මස්සිනා අත්අඩංගුවට පාස්කු ප්‍රහාරය ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන වසර තුනක කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවී ඇප මත මුදා හැර සිටී සහරාන් හසීම් නැමැත්තාගේ මස්සිනා කෙනකු කුලියාපිටිය කටුපොත ප්‍රදේශයේ සිට මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ බිරිඳගේ මවුපියන් ගේ නිවසට පැමිණ සිටියදී කොච්චිකඩේ පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 10 April 2023
පොල්ගොල්ල ජලාශයට සිසුවා බිලි පොල්ගොල්ල ජලාශයට අයත් මහනුවර පොලිස් වසමේ වවුල් කඩේ නැමැති ස්ථානයේ දිය නෑමට ගිය 17 හැවිරිදි පාසල් සිසුවෙකු ජලාශයේ ගිලී මිය ගොස් ඇති බව මහනුවර මූලස්ථාන පොලීසිය කියයි . 10 April 2023
පළාත් 6 කට සවස් කාලයේ වැසි බස්නාහිර, සබරගමුව, දකුණු, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල අද (10) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 10 April 2023
බිරියගේ කැති පහරින් සැමියා මරුට පොලොන්නරුව,පුලස්තිගම,කෑගලුගම ප්‍රදේශයේදී අද පස්වරුවේ අඹු සැමියන් අතර ඇතිවූ ආරවලක් දුරදිගයාමෙන් බිරියගේ තියුණු ආයුධ පහරකට ලක් වූ සැමියා මියගොස් ඇතැයි පුලස්තිපුර පොලීසිය කියයි. 09 April 2023
පාරිභෝගිකයන් සූරා කෑ 1500 කට නඩු උත්සව සමයේ වැඩිමිලට භාණ්ඩ අ්ළවි කිරීම, තොග සඟවා තබා ගැනීම සහ විකිණීම ප්‍රතික්ෂේප කිරීම ඇතුළු වැරදි සම්බන්ධයෙන් වෙළෙදුන් 1500 කට ආසන්න සංඛ්‍යාවකට ඉදිරියේදී නඩු පැවරීමට නියමිත බව පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය පැවසීය. 09 April 2023
එජාපය කම්කරුවන් සමග මැයි1සුගතදාස ක්‍රීඩා පිටියට එක්සත් ජාතික පක්ෂය මෙවර මැයි දින සැමරුම කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ. 09 April 2023
‘‘වින්දිතයන්ට තවමත් යුක්තිය ලැබී නෑ‘‘ පාස්කු ප්‍රහාරය සිදුවී වසර 4ක් ගත වුවද තවමත් යුක්තිය ඉටුවී නැතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 09 April 2023
මැරයන් පහරදුන් ඇඟළුම් හලට එස්.ටී.එෆ් ආරක්ෂාව මැර කණ්ඩායමකගේ පහර කෑමට ලක් වූ ඕමාන් ජාතිකයාට අයත් කටාන හල්පෙ ඇඟලුම් කම්හලට පොලිස් විශේෂ කාර්ය බළකායේ අධික්ෂණය යටතේ පොලිස් ආරක්ෂාව ලබාදුන් බව බඩල්ගම පොලිසිය කියයි. 09 April 2023
සැමියාගේ මුගුරෙන් බිරිය මරුට පවුල් ආරවුලක් දුර දිග යෑමෙන් 22 හැවිරිදි එක්දරු මවකට ස්වාමියා මුගුරකින් පහරදී ඝාතනය කර ඇතයි අරණායක පොලිසිය පැවසීය. 09 April 2023
බෑණා නැන්දම්මා ඝාතනය කරයි අමනාපව නිවසින් පිටව ගිය බිරිය ගැන තොරතුරක් නොකීවැයි බෑනා නැන්නදම්මාට මොට්ට ආයුධයකින් පහර දී ගෙල පාගා ඝාතනය කර ඇතැයි පොල්පිතිගම පොලීසිය කියයි. 09 April 2023
‘අරගලය’ට වසරක් පිරෙයි ශ්‍රී ලංකා ඉතිහාසයේ පාලකයන්ට එරෙහිව වඩාත් අවධානය යොමු වූ ජනාතා නැගිටීම ලෙස සැළකෙන ‘2022 අරගලය’ට වසරක් සම්පූර්ණ වීම සමරමින් අරගලයේ ක්‍රියාකාරීන් පිරිසක් අද (9) පෙරවරුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූහ. 09 April 2023
මාරයා යතුරු පැදියෙන් එයි හලාවත ඉරණවිල මාර්ගයේ ගමන් ගත් යතුරු පැදියක ටයරය පුපුරාගොස් සිදු වූ අනතුරකින් තිදරු මවක මිය ගොස් ඇගේ දරුවන් දෙදෙනා හා සැමියා බරපතල තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති බව හලාවත මූලස්ථාන පොලිසිය කියයි. 09 April 2023
මෙහෙයුමකදී නාවික භටයාගේ ගිනි අවිය මුහුදට වැටිලා තලේමන්නාරම මුහුදේ ඉන්දීය බෝට්ටු පරික්ෂා කිරීමේ මෙහෙයුමක නිරතව සිටි නාවික හමුදා භටයකුගේ ටී 56 වර්ගයේ ගිනි අවියක් මුහුදට වැටී අස්ථානගත වී ඇතැයි මාන්නාරම පොලිසිය පවසයි. 09 April 2023
ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි. 09 April 2023
එක් නූනොත් ගොඩ යනු බොරු ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අභියෝග ජයගැනීම සඳහා සියලු දෙනා එක්ව සහයෝගය ලබා දිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් මහතා ප්‍රකාශ කර ඇත. 09 April 2023
‘සිපෙට්කෝ’ පිරවුම්හල් 40 ක තහනම ඉවතට කිව්.ආර්. කේතයට පටහැනිව ඉන්ධන අළෙවිය කළේ යැයි චෝදනාවට ඉන්ධන නිකුත් කිරීම තහනම් කළ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් 40 ට ලබන අඟහරුවාදා (12 වැනිදා) සිට ඉන්ධන සපයන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය. 09 April 2023
හරක් කටාගේ මත් ජාවාරම් කළ පී.සී මාට්ටු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ බවට සැකකරන පොලිස් කොස්තාපල්වරයකු සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 09 April 2023
රනිල්ගෙ වැඩපිළිවෙල කඩාකප්පල් කළොත් වගකීම ගන්න මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරන්න ශ්‍රී ලාංකික ජනතාවට හැකිවුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිසා බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. 09 April 2023
බොල්සොනාරෝ රටින් පනී බ්‍රසීල ජනපතිවරණයෙන්, ජනාධිපති ලූලා ද සිල්වාට පරාජය වුණු ප්‍රතිවාදී ජනපති ධුර අපේක්ෂක ෆ්ලේවියෝ බොල්සොනාරෝට මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ල වීමත් සමග ඔහු ඔහුගේ බිරිඳ සහ දියණිය සමග ඇමෙරිකා.. 28 October 2026