
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ බවට සැකකරන පොලිස් කොස්තාපල්වරයකු සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට අනුයුක්ත මිරිහාන උප ඒකකයේ රාජකාරී කරන අයෙකි.
කොස්තාපල්වරයා සමග අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු සාන්තගේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 74 ක් ප්‍රවාහනයට යොදාගත් මෝටර් රථයක් සහ ජංගම දුරකථන දෙකක් පොලිස් භාරයට ගෙන.
පිටකෝට්ටේ සිරිකොත ගොඩනැගිල්ල ඉදිරිපිටදී මෝටර් රථයකින් යමින් සිටි පුද්ගලයා අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 64 ක් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහු පදිංචි පිටකෝට්ටේ ඩේසි මාවතේ නිවස පරික්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 ක් සොයාගැනීමට හැකිවූ බව පොලිසිය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd