IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


හොර පළිබෝධ නාශක විකිණුවොත් අවුරුදු තුනක් හිරේ

(අංජුල මහික වීරරත්න)

ව්‍යාජ හා ප්‍රමිතියෙන් තොර පළිබෝධ නාශක හා වල් නාශක අලෙවි කිරීමේ ජාවාරමක් පවතින හෙයින් පලිබෝධ නාශක පාලන පනත වහාම සංශෝධනය කිරීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පලිබෝධ නාශක රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට උපදෙස් දුන්නේය.

දැනට පවතින නීති යටතේ ප්‍රමිතියෙන් තොර පළිබෝධ නාශක හා වල්නාශක  අලෙවි කිරීම මෙන්ම නීති විරෝධි ලෙස ආනයන නීති උල්ලංගනය කරමින් හොර රහසේ මෙරටට ගෙන්වන පළිබෝධ නාශක හා වල් නාශක සම්බන්ධව  අය කරන දඩමුදල හා සිර දඩුවම්  ප්‍රමාණවත් පරිදි එම ජාවාරම්කරුවන්ට බලපෑමක් එල්ල කරන්නේ නැතැයි අමාත්‍යාංශය පවසයි.

මේ නිසා පළිබෝධ නාශක පාලන පනත සංශෝධනය කර නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ප්‍රමිතියෙන් තොර වල්නාශක හා පළිබෝධ නාශක ජාවාරම්කරුවන්ට අඩු තරමින් රුපියල් ලක්ෂ 15ක වන්දියක් හා අවූරුදු තුනක සිර දඩුවම් හෝ ඒ දෙකම ලැබෙන පරිදි නව වගන්ති ඇතුළත් කිරීමට පියවර ගත යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

එමෙන්ම පලිබෝධ නාශක හා වල් නාශක වගාවන් සඳහා භාවිතා කිරීමේ දී ඒවායේ මිල ගණන් ඉහළ යාම ගොවි ජනතාවට දරා ගත නොහැකි නිසා ග්‍රෑම් 20 පැකට් වශයෙන් වෙළෙදපලට නිකුත් කිරීමට අවසර ලබා දීමට ද තීරණය කර තිබේ.  



අදහස් (0)

හොර පළිබෝධ නාශක විකිණුවොත් අවුරුදු තුනක් හිරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site