(පුෂ්පකුමාර ජයරත්න)
මත් කුඩු ප්‍රවාහනය කළ මෝටර් රථයකට වෙඩි තබා නවත්වා මත්කුඩු පැකට් 50ක් සමග සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව පොල්ගහවෙල පොලිසිය කියයි.
වෙඩි වැදුණු මෝටර් රථයෙන් බැස පලා යමින් සිටියදී සැකකරුවන් රථයෙන් පිටතට විසි කර තිබූ කුඩා ප්‍රමාණයේ මත් කුඩු පැකැට් පනහකට ආසන්න ප්‍රමාණයක්ද සොයාගත් බව පොලිසිය පවසයි.
මෝටර් රථයකින් කුරුණෑගල දෙසට මත් කුඩු ප්‍රවාහනය කරන බවට පොල්ගහවෙල පොලීසියට ලද තොරතුරකට අනුව එම රථය අත්අඩංගුවට ගැනීම සඳහා උඩවෙල ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයක් යොදා ඇත. සැක කටයුතු මෝටර් රථය හඳුනාගත් මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් මෝටර් රථය නවත්වන ලෙස අණ කර ඇතත් එම අණ නොතකා මෝටර් රථය ධාවනය කර ඇත.
මේ අවස්ථාවේදී එහි සිටි පොලිස් නිලධාරියකු මෝටර් රථය ඉලක්ක කර සිදු කළ වෙඩි තැබීමකින් රෝදයකට වෙඩි වැදී රථය නතරවී ඇත.
මේ අවස්ථාවේදී මෝටර් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් සිව්දෙනකු පලා යාමට උත්සාහ ගෙන ඇතත් පොලිස් ඔවුන් හඹා ගොස් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සැකකරුවන් අතර කාන්තවක සහ කුඩා දරුවකුද වන බව පොලිසිය කියයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කුඩු ඇද්ද මෝටර් රථයට වෙඩි