( ෂේන් සෙනෙවිරත්න )
පොල්ගොල්ල ජලාශයට අයත් මහනුවර පොලිස් වසමේ වවුල් කඩේ නැමැති ස්ථානයේ දිය නෑමට ගිය 17 හැවිරිදි පාසල් සිසුවෙකු ජලාශයේ ගිලී මිය ගොස් ඇති බව මහනුවර මූලස්ථාන පොලීසිය කියයි .
එසේ ජලයේ ගිලී මිය මියගොස් ඇත්තේ අයි. කවිනාශ් නැමැති 17 හැවිරිදි කටුගස්තොට සහිරා විදුහලේ සිසුවකු බව පොලීසිය කියයි .
කටුගස්තොට සහිරා විදුහලේ නිත්තවෙල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15-17ත් අතර සිසුන් 08දෙනෙකුගෙන් සමන්විත පිරිසක් ඊයේ (09) සවස පොල්ගොල්ල ජලාශයේ වවුල් කඩේ නමැති ස්ථානයේ දිය නෑමට ගොස් ඇති බව පවසන පොලිසිය ඉන් දෙදෙනෙකු ජලයේ ගිලී මත් සමග එම ස්ථානයේ සිටි අනෙක් සිසුන් පිරිස එම ස්ථානයෙන් පලා ගොස් ඇති බව පොලිසිය කියයි .
එසේ දිය නාමින් සිටි දෙදෙනෙකු ජලයේ ගිලී ඇති අතර මියගිය සිසුවාට අමතරව තවත් එක් අයෙකු මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .
2025 දෙසැම්බර් මස 18
477
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොල්ගොල්ල ජලාශයට සිසුවා බිලි
හනීෆා Monday, 10 April 2023 09:18 AM
පලාගියා නම් ඔවුන් සැක සහිත නැද්ද? කවුද දන්නේ යාලුවා වතුරට දමා ගියාද කියලා... කොහොම වුණත් රෝහලේ සිටින තරුණයාගෙන් තොරතුරක් ගන්න පුළුවන් වේවි...!
නිමල් Monday, 10 April 2023 11:18 AM
මට කුඩා කාලේ අහපු වලභා සහ යාලුවෝ දෙදෙනාගේ කතාව සිහිවෙනවා...