(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මැර කණ්ඩායමකගේ පහර කෑමට ලක් වූ ඕමාන් ජාතිකයාට අයත් කටාන හල්පෙ ඇඟලුම් කම්හලට පොලිස් විශේෂ කාර්ය බළකායේ අධික්ෂණය යටතේ පොලිස් ආරක්ෂාව ලබාදුන් බව බඩල්ගම පොලිසිය කියයි.
මෙම පහර දීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද පරීක්ෂණ පවත්වන අතර පොලිස් විශේෂ කාර්ය බළකාය ඇඟලුම් කම්හල් භූමිය වරින්වර නිරීක්ෂණය කිරීමට කටයුතු කර ඇත.
බඩල්ගම පොලීසියේ නිලධාරීන් පැය විසිහතර පුරා ඇඟලුම් කම්හලේ ආරක්ෂක රාජකාරි සඳහා යෙදවීමට ද කටයුතු කර තිබේ.
මේ අතර ඕමාන් ජාතික ආයෝජකයාට හා ආරක්ෂකයාට පහරදී මේ සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටි සැකකරුවන් දෙදෙනකු ඇප කොන්දේසි උල්ලංඝනය කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් බව බඩල්ගම පොලීසිය කියයි .
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මැරයන් පහරදුන් ඇඟළුම් හලට එස්.ටී.එෆ් ආරක්ෂාව
ravin Sunday, 09 April 2023 05:02 PM
මොනදේ කළත් පිටිපස්සේ ඉන්න දේශපාලකයාගේ ආණ්ඩු ගැටගහන්නේ නැතිව ප්‍රශ්නයට විසඳුමක් නැහැ.
සුරංග Sunday, 09 April 2023 06:47 PM
යන්නේ කොහේද මල්ලේ පොල් ප්‍රතිකර්මයක් තමයි කරලා තියෙන්නේ මැරයෙකුට ඇප දුන්නාම ඒකත් කඩන්න තරම් මැරයින් ඉන්නවා කියන්නේ කොහොමද? කාගේ බලයක්ද තියෙන්නේ? එහෙම නම් ඔවුන්ගේ බලධාරීන්ට උපරිමයෙන් දඬුවම් දියයුතුයි. ප්‍රජා අයිතිය අහෝසි කරන්න ඕනෑ.. මේවා තමයි අවුරුදු 75ක් රටවලට යන්න හේතුවක් වෙලා තියෙන්නේ... මෙහෙම තියෙද්දී ඔවුන්ගෙ මහලේකම් කියනවා මිනිස්සු බලාපොරොත්තුව ඉන්නේ පොහොට්ටු ආණ්ඩුවක් කියලා.. මාලිමාවේ ආණ්ඩුවක් ඕනෑ නම් ඔහොම ඉස්සරහට යමුකෝ...
piyal weerasinghe Sunday, 09 April 2023 05:04 PM
ඉන්න හිතෙන රටක්... මේ විදිහට මැරයින් රට කරනවා නම් තව ආයෝජකයින් රට අතහැර යයි...
Lalla Sunday, 09 April 2023 07:22 PM
මැරයන්ට ආරක්ෂාව දෙන දේශපාලුවා සිරගත කළයුතුමයි. රටේ අනාගතය ඇත්තේ ආයෝජන මත මිස බරගැස්තර දේශපාලුවන් මත නොවේ...