IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


නරක්වූ ඖෂධවලින් සංස්ථාවට කෝටි 19ක පාඩුවක්

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)

ශ්‍රී ලංකා රාජ්‍ය  ඖෂධ නීතිගත සංස්ථාව  මිලදීගෙන ඇති  ඖෂධ වලින් යම් තොගයක්  තත්වයෙන් අසමත්වීම, කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් එම සංස්ථාවට  2020 සහ 2021 වර්ෂවලදී රුපියල් කෝටි  19 කට වැඩි පාඩුවක් දැරීමට සිදුව ඇතැයි ජාතික විගණන  කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

සංස්ථාව මිලදී ගෙන ඇති( 2021 ජනවාරි 1වැනිදා වනවිට ) ඖෂධවලින් රුපියල් කෝටි 21 ට වැඩි වටිනා ඖෂධ තොගයක් තත්වයෙන් අසමත්වී , කල් ඉකුත්වී  සහ  හානිවී තිබූ බවද  එම වාර්තාවේ දැක්වේ.

සංස්ථාව පසුගිය  2021 වර්ෂයේදී මිලදී ගත් ඖෂධ අතුරින්  රුපියල් කෝටි 13කට ආසන්න වටිනා තොගයක් තත්වයෙන්  අසමත් කල් ඉකුත් වූ හා හානි වූ  ඒවා  වශයෙන්  හඳුනාගත් බව පවසන  විගණන කාර්යාලය  2020 සහ 2021 වර්ෂවලදී හඳුනාගත් රුපියල් කෝටි හතරකට වැඩි වටිනා  තත්වයෙන්  අසමත් ඖෂධවල වටිනාකමින්  රුපියල් දෙකෝටියකට වැඩි මුදලක්
සැපයුම්කරුවන්ගෙන් පසුගිය වසරේ ජුනි මස 1 වැනිදා  වනවිටත්  අය කරගෙන නොතිබූ බව ප්‍රකාශ කළේය.

මේ අතර ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාව  2021 සහ 2022 වර්ෂවලදී ආනයනය කර ඇති ඉන්ඩෙන්ටු  විසි අටකට අදාල බහලුම් 28 ක් 2021 අගෝස්තු 20 වැනිදා සිට 2022 පෙබරවාරි මස  21 වැනිදා දක්වා මාස හයක කාලයක් පෞද්ගලික ගබඩාවක රඳවා තබා ගෙන තිබූ බවත් එම ගබඩාව සඳහා සංස්ථාව රුපියල්  හාර කෝටි අසූ දෙලක්ෂයකට වැඩි මුදලක් ගෙවා තිබූ නමුත් සංස්ථාවට දැරීමට සිදු වූ මෙම අතිරේක පිරිවැය වෛද්‍ය සැපයුම් අංශයෙන් අය කරගෙන නොතිබූ බවත් විගණන නිලධාරීහු පෙන්වා දෙති.

සංස්ථාවට මෙම ඖෂධ තොග පෞද්ගලික ගබඩාවක තැන්පත් කිරීමට සිදුව ඇත්තේ වෛද්‍ය සැපයුම් අංශ ගබඩා සංකීර්ණයේ ප්‍රමාණවත් ගබඩා පහසුකම් නොතිබීම හේතුවෙන්  බව විගණන වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.

මේ තොරතුරු සඳහන් වන්නේ  පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරුණු  ශ්‍රී ලංකා රාජ්‍ය  ඖෂධ නීතිගත සංස්ථාවේ  2021 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.



අදහස් (0)

නරක්වූ ඖෂධවලින් සංස්ථාවට කෝටි 19ක පාඩුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site